" අඩේ රෙහානා ඔයා මෙහේ"
පැත්තකට වෙලා සිතික අයියා දිහා බලාගෙන හිටපු අශී ඇවිත් රෙහානව බදාගත්තා.
" ඉතින් කියන්නකෝ කෝමද ඔය දෙන්නව හම්බ උනේ "
රෙහානගේ අතින් අදින ගමන් මම අහද්දී දෙනුජ ඇවිත් රෙහානගේ කරට අත දා ගත්තා . අම්මෝ ඒ දෙන්නා මාර විදියට ගැලපෙනවා .
" මෙහෙමයි උනේ
මම සති දෙකකට කලින් ලංකාවට සෙට්ල් උනානේ . ඉතින් එහෙ මම ඉදියේ අපි අලුතින් ගත්ත ගෙදර ඒ ගෙදර තිබ්බේ රෙහානා ටීචින් කරන කොලේජ් එක ලග . එක දවසක් උදේ මම උඩ බැල්කනී එකේ ඉද්දී දැක්කා කව්ද ගර්ල් කෙනෙක් කාර් එකකින් බහිනවා . බැල්කනී එකට කොලේජ් එකේ ප්ලේය් ග්රවුන්ඩ් එකයි , කාර් පාර්ක් එකයි පේනවනේ . තනි කොන්ඩයක් ලූස් වෙන්න වගේ ගොතලා ලා රෝස පාට සාරි එකක් ඇදලා හිටියේ . මන් ඒ දිහාම බලාන හිටියා . හවසත් මෙයා එනකන් බලාන හිටියා . ඒත් ඉතින් හවසනම් මෙයාව අල්ලගන්න බැරි උනා .ඊටපස්සේ දවස් දෙක තුනක් එහෙම්මම ගෙවුනා . අපේ අම්මී දන්න ඇන්ටි කෙනෙක් හිටියා එහේ ඉතින් අම්මා කිව්වා ලංකාවට ආපු වෙලාවේ එයාවත් බලලම යමු කියලා ඉතින් අපි එහෙ ගියා. අපි යද්දී වෙලාව දෙකට විතර ඇති . මෙයත් කෝම හරි ඒ වෙලාවේ තමා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවේ. එදා ඇදන් හිටියේ මුහුදු නිල් පාට සාරි එකක් . මාර ලස්සනයි 😍 ඊට පස්සේ ඔහොම දවස් ගෙවුනා මන් මෙයා ගැන හොයලා බැලුවා . අන්තිමේදී මට හිතුනා අම්මලත් දන්න එකේ මෙයා ගැන අපේ අම්මටත් කියලා දානවා කියලා . අම්මට කිව්වා ඒත් තිබ්බ එකම බය තමා හැමෝම කැමති වෙලා මෙයා අකැමැති වෙයිද දන්නේ නෑ කියලා . හැබැයි කෝම හරි මගෙ වෙලාවට මෙයා කැමති උනා .
මෙයාට සේරම විස්තර කිව්වා ඉතින් මෙයා කිව්වා මෙයාගෙත් යාලුවො වගයක් ඉන්නවා එයාලවත් බලන්න යන්න ඕනි කියලා . ඉතින් අපේ අම්මයි මෙයයි මමයි ආයේ මෙහෙට ආවේ මීට දවස් දෙකකට කලින් මෙයාගේ යාලුවො දෙන්නව හෙට මීට් වෙන්න යන්න කියලා තමා ඉන්නේ "
" නෑ දෙනුජ දැන් ඒ දෙන්නව හම්බ උනා .මේ ඩබල තමා මගේ යාලු දෙන්නා "