part 11

57 9 8
                                    

දන්නේ නෑ අශීව ඇදන් කොච්චර දුරක් පයින් ආවද කියලා ඒත් එකපාරටම මාව නතර උනේ අශී මගෙ අත අත් අරිද්දී මගේ ලගට ආපු එයා ට්‍රයි ශූ එකක් නවත්ත ගත්තේ ගෙදර යන්න . මට කිසි දෙයක් වැඩක් නැ දැන් මම විනාස වෙල ඉවරයි මිශේන් මට මොනා කලාද දන්නේ නෑ . හිත එක්ක කතා කර කර හිටපු මාව පියවි සිහියට ආවෙ අශී මගෙ අතින් ඇදගෙන ට්‍රයි ශූ එකෙන් බහිද්දී ගේ ඇතුලට ආපු අපි දෙන්න ගියේ අපේ කාමර වලට පුදුමයි අශී මගෙන් උන කිසි දෙයක් අහන්නේ නෑ ඒ විතරක් නෙවේ වචනයක් වත් කතා කරන්නේ නෑ . ඔව් ඉතින් දැන් මම විනාස වෙල ඉවරයිනේ ඇයි එයා මාත් එක්ක කතා කරන්නේ . මිශේන් එක්ක තිබ්බ කේන්තියටම මේසේ උඩ තිබ්බ වාස් එක අරගෙන පොලොවෙ ගැහුවේ ඒ සද්දෙට අශී මගේ කාමරේට එද්දී .

" උබට මොනාද යකෝ වෙලා තියෙන්නේ ඊයෙ රෑ ඉදන් තිරිසනෙක් වගේ හැසිරෙන්නේ "

" මමද තිරිසනෙක් වගේ හැසිරුනෙ ඊයෙ රැයක් ගැන මම දන්නෙ නෑ ඒත් අර මිශේන් කියන තිරිසනා මාව විනාස කලා උබ දන්නවද .අශී කතා කර..."

" චටාස්ස්ස්ස්ස්ස් "

නෑ මට කිසි දෙයක් කියන්න උනේ නෑ අශීගෙ අත නැවතුනේ මගෙ කම්මුලේ . කම්මුලත් අල්ලගෙන එයා දිහා බැලුවේ වෙන දේ ගැන හිතා ගන්න බැරුව . ඒ ඇස් වගේම මූන කේන්තියෙන් රතු වෙලා

" ඇයි උබ මිශේන්ට තිරිසනෙක්ට වගේ කතා කරන්නේ යකෝ. උබ නැගිටිද්දී ඒ මනුස්සයා උබ හිටපු කාමරේ හිටිය නිසාද නැත්නම් ඊයේ රෑ උබ බීලා විකාර කියවද්දී උබව උස්සගෙන කාමරේට ගෙනත් තිබ්බ නිසාද , උබ වමනේ දාද්දී උබව සෝදපු නිසාද , උබේ ඇදුම් මාරු කලේ මම යකෝ . උබ ඊයේ බීම කියලා බීලා තියෙන්නේ විස්කි එක වීදුරුවක් බිව්වා වගේනේ උබට මතක , නෑ උබ වීදුරු 5 ක් 6 ක් බිව්වා බීලා නිකන් හිටියේ නෑ මුලු පාර්ට් එක මැද්දෙම කෑ ගහලා නැටුවා බලාන ඉන්න බැරි කමටමයි මමයි මිශේනුයි උබව උඩ කාමරේට ගෙනාවෙ විනාඩි ගානක් යද්දී උබ වමනේ දාන්න ගත්තා . උබව වොශ් රූම් එකට ගේන්න උදව් කලේ මිශේන් උබව සේදුවේ මම , ඊටපස්සේ උබට සර්ගේ ශර්ට් එකක් ඇන්දුවා මිනිස්සු යනකන් උබව උඩ කාමරෙන් තියා ගත්තා මැඩම් ඊයේ රෑ පාර්ටි එක ඉවර වෙලා ලංකාවට ගියේ හදිස්සි වැඩකට දෙනුජ සර් මැඩම්ව එයාර්පෝර්ට් එකට දාන්න ගියා ගෙදර ඉතුරු උනේ මමයි උබයි මිශේනුයි සර්වන්ට්ලයි විතරයි අපි දෙන්නව එහෙ දාලා ඒ මනුස්සයට යන්න තිබ්බා දෙනුජ සර් ගියෙත් උබව බලාගන්න කියලා උබට ඇහැරුනාම සර් එයාපෝර්ට් එකට ගිහින් එනකන් ඉන්න කියලා කිව්වා . ඒ කිසි දෙයක් ඕනි නෑ ඊයෙ රෑ මට නින්ද ගිය වෙලාවෙ මිශේන්ට උබෙන් ඕනි දෙයක් ගන්න තිබ්බා නෑ ඒ මනුස්සයා එහෙම කලේ නෑ නින්දක් නැතුව සෝෆා එකට වෙලා හිටියේ උබට කොයි වෙලාවෙ ඇහරෙයිද කියලා . අන්තිමේට උබ මොකක්ද කලේ එ මනුස්සයට හේතුවක් නැතිව වැරැද්ද පටවපු එක . උබට සාක්ශි තියෙනවාද මිශේන් උබව විනාස කලා කියන්න කතා කරපන් සේයා තියෙනවාද සාක්ශී , නෑ උබ හැමදාම කලේ දකින දේ විශ්වාස කරපු එක දෙයක් ගැන වැඩිය හිතන්න ගියේ නෑ උබ . කියපන් යකෝ ඒ මනුස්සයව තිරිසනෙක් ගානට දාන්න තරම් මොකක්ද තියෙන සාක්ශිය උබ නැගිටිද්දී කාමරෙ හිටපු එකද . ඒ මනුස්සය පහල මාත් එක්ක ඉදලා කාමරේට ආවෙ ෆෝන් එක අමතක වෙලා නිසා ඒක ගන්න . ලැජ්ජයි බන් උබ ගැන ලැජ්ජයි "

සේයා 🌷Where stories live. Discover now