part 29

28 4 23
                                    

උදේ ඇහැරුනේ අශියා ඇවිත් දොර කඩන්න වගේ දොරට ගහද්දී . හොද වචන ටිකත් කටට එනවත් එක්කම ගිහින් දොර ඇරියේ අද නම් මේකිගේ අත කඩලා දානවා කියලා හිතාගෙනම

" මොකද ඕයී කෑගහන්නේ බලපන් අර පොඩි ලමයවත් ඇහැරෙනවා තව ටිකකින් "

මන් කියාගෙන කියාගෙන ගියේ අශියා ගස්සගෙන කාමරේට කඩන් පන්නිද්දී යකො හරියට මේක මේකිගේ කාමරේ වගේනේ.

" අනේ මේ ඕයි පොඩ්ඩක් කට වහගෙන ඉන්නවද "

" ඒ පාර මොකද අවුලෙන් " අශී කියපු විදිහ වැඩිය ඇල්ලුවේ නැති නිසා මන් ඇහුවේ ඒකිගේ අතින් අදින ගමන්

" මට උබට මේක කියන්නත් ඕනි . ඒත් කියන්නත් බැහැ . අනේ මන්දා බන් මන් මොනා කරන්නද කියලා "

" අශී මේ බලපන් මන් දිහා උබට මට කියන්න බැරි කිසි දෙයක් නෑනේ දැන් මොකක්ද උනේ කියපන් හොද එකා වගේ "

" සිතික අයියා කෝල් කලා බන් "

" ඉතින් දැන් උබ මොකටද ඕකට වොරි වෙන්නේ , සිතික අයියා උබට වරදක් කරලා නෑනේ බන් අනික එදා මම හැසිරිච්ච විදිහත් වැරදි බන් . වැරැද්ද කලේ මිශේන්නේ "

" ඒවා නෙවෙයි බන් දැන් ප්‍රශ්නේ "

" එහෙනම් මොකක්ද "

" මිශේන් අයියා හොදටම බොනවලු බන් "

" අනේ මේ අශී මට ඌ ගැන විතරක් නොකියා ඉන්නවද ප්ලීස් උබ තව ඌ ගැන කියවන්න හදනව නම් මෙතනින් පලයන් බන් ප්ලීස් උදේ පාන්දර මාව අවුල් කරවන්නේ නැතුව "

මිශේන් එක්ක තියෙන කේන්තිය අශී පිටින් පිට කලේ කතා කලේ මොනවද කියලවත් හිතන්නේ නැතිව . මාත් එක්ක තව වචනයක්වත් කතා නොකරපු අශී කාමරෙන් ගියේ දොරත් වහගෙන . මොන දේ කලත් දැන් මටත් මිශේන් නැතිව හුස්මක් වත් ගන්න බැරි තරමට මන් එයාට ලන් වෙලා ඒත් එයා මට බොරු කලේ හරියට මැරිලා ඉපදුන මනුස්සයෙක් වගේ . ඒත් එයා බොනවා කියල කිව්වට පස්සේ මාව ඇවිලෙනවා වගේ දැනුනත් අශීට ඒක පෙන්නුවේ නැත්තේ ඒකි මන් වෙනුවෙන් කරපු කැපවීම් වැඩි නිසා . මොකද මන් තවත් මිශේන්ට ආදරේ කරනවා කියලා දන්නවනම් ඒකි ඕක ගැනම හිතනවා .

සේයා 🌷Where stories live. Discover now