Dinner එක අරන් ඉවර වුනාම හැමෝම නිදාගන්න ගියේ හෙට දවසෙ මොනවා වෙයිද කියලා හිතන ගමන්.....
Nextday morning....
"Jimin පුතා එන්න.... අපි යන්න ඕන..." අප්පා ඒ යන්න කතා කරන්නෙ ජිමින් ගේ ඔම්මයි අප්පයි මිහිදන් කරපු තැනට...
" ඔම්මා ... මමත් එනවා..." ජන්කුක් ජිමින්වත් ඇදගෙන පහලට ආයෙ එහෙම කියාගෙන...
" එතකොට අද meetings ටික..."
අප්පා එහෙම අහනකොට " ඒ ටික postponed කරා... මම අද mochi එක්ක ඉන්නම්..." ජන්කුක් උත්තර දුන්නා..." හරි එහෙනම්. ආ මේ... මගේ lawyerගේ ගෙදර කෙනෙක් අසනීප නිසා අද එයාට එන්න වෙන්නෙ නෑ...
ඔයාගේ lawyer ට කතා කරන්න...
එයාට කියන්න Mr.Park ගේ ගෙදරට හවස 4:00 ට විතර එන්න කියලා..."" හරි අප්පා.."
Jungkook යි jimin යි jungkook ගේ කාරෙකෙත් ඔම්මයි අප්පයි එයාලගේ කාරෙකෙත් ගියා....
ජිමින් එයාගේ ඔම්මගෙයි අප්පගෙයි සොහොන් 2 ඉස්සරහ ඉදන් මොනවා කියනවද කියලා කල්පනා කරනවා....
ඇත්තටම එයා මොනව කියන්නද..
අතීතයේ එයාගේ කතාවෙ මේ දෙන්නා ගැන අංශු මාත්රයක් තරම්වත් මතකයක් නැතිව එයා මොනවද කියන්න ඕනෙ...Jeon පවුල එයාලා ගෙනාපු මල් තියලා ඉවර වෙලා ...
අප්පා:- ජිමින්.. අපි අතන ගහ යට ඉන්නවා... ඔයා කියන්න ඕන දේවල් කියලා එන්න....
බය වෙන්න එපා අපි වෙනකොහෙවත් යන්නෙ නෑ...හරිනේ....
ජන්කුක් ගේ අප්පා එහෙම අහනකොට ජිමින් කරේ ඔලුව වනු එක විතරයි...
හැමෝම එතනින් ගියාට පස්සේ ජිමින් එයාගේ ඇස් වල හිරකරන් ඉදපු කදුලු කියන්න බැරි හැගීම් එක්ක එයාගේ ඔම්මයි අප්පයි ඉස්සරහ පිට කරා...
Jimin:- ඔම්මා, අප්පා... මං දන්නවා ඔයාලට මාව ඇහෙන්න නෑ කියලා.. ඒත් හිත හිත ඉන්නවා ට වඩා මෙහෙම කියන එක හොදයි කියලා මටත් හිතෙනවා...
ඔයාලා මාව බේරලා ඔයාලගේ ජීවිතේ අනතුරේ දාගත්තෙ ඇයි.
මාව බලාගන්න නම්ජුන් හියුන් හිතුවෙ නැත්තම් මට මොනවා වෙයිද..
මම දැන් මොකද්ද කරන්න ඕන...
ඔයා ලා මට මොකද්ද කරන්න කියලා කියන්නෙ...
මට දැන් boyfriend කෙනෙක් ඉන්නවා...
එයා Mr.Jeon ගේ පුතා jungkook...
ඔයාලා එයා ගැන දන්නවා නේ.... මම සතුටින් ඉන්නෙ...
මං අපේ company එක බාරගන්නම්.. මට පුළුවන් උපරිමයෙන් ඒක දියුණු කරන්න උත්සාහ කරන්නම්... ආ.. තව... මට තව හියුන් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තා.. එයා කොහේ ඉන්නවා ඇතිද. මට එයාව හොයාගන්න පුළුවන් වෙයිද....
මට තව කියන්න දෙයක් නෑ.. ඔම්මා, අප්පා ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න... මම ආදරෙයි... මට පුළුවන් හැම වෙලාවකම ඔයාලාව බලන්න එන්නම්...
මම යනවා...