🍃 22 Chapter 🍃

160 64 3
                                    


       අපි දෙන්නා හරිම ආදරෙන් කාලෙ ගෙව්වා. මන් එයාගෙ අධ්‍යාපන කටයුතු ඉවර වෙනකන් ඉවසන් හිටියා. එයාගෙ හැමදේට උදව් කරා. එයාට මාව ඕනි කොයි මොහොතෙද මන් වැඩත් පාඩු කරන් එයා ලගට ගියා.එයාට ඕනි ඕනි හැමදේම මන් අරන් දුන්නා. ගාන කීය උනත් එයාට ඕනි උනොත් අහසෙ තරු උනත් ගෙනත් දෙන්න තරම් මන් එයාට ආදරේ කරා.

මාත් එක්ක ෂොපින් යන්න, ඇවිදින්න යන්න එයා ගොඩක් ආස කරා. මමත් . හැබැයි මට තිබුනෙ හරිම කාර්ය බහුල ජීවිතයක්.. චූටි දෙයක් පවා අතපසු වෙනකොට එයා මාත් එක්ක දවස් ගනන් තරහා වෙලා හිටියා.හැබැයි  එයාට ඒක චූටි දෙයක් උනාට එයා ගැන කියා ගන්න බැරි තරමේ ආදරක් තිබුනු මගේ හිතට නම් එක දවසත් කල්පයක් වගේ දැනුනෙ. එයා තාම පොඩී, හැමදේම ගැන ලොකු අවබෝධයක් එයාට නෑ. ඉතින් මම ඒ හැමදේම ඉවසන් එයාව සතුටෙන් තිබ්බා මට පුලුවන් උපරිමෙන්.  එයාට දැන් 23යි. අපි හමු වෙලා අවුරුදු හතරක්.. ඒ කාලෙ ඇස්පිල්ලම් ගහන වේගෙන් ගියා.

අන්තිමෙදි ඒ කාලෙ උදා උනා......................

                                      

                                            JJ.....................

Once Again (jikook version)                             Complete      Where stories live. Discover now