🍃 20 Chapter 🍃

168 65 3
                                    


මාස ගානක් හරිම ඉක්මනට ගෙවිලා ගියා. අපි දෙන්නා ෆෝන් නම්බර් මාරු කරන් උදේ, දවල්, රෑ හැම වෙලේම වගේ කතා කරා. හැබැයි හම්බ උනේ අපේ කෝෆි ෂොප් එකේදි විතරයි. මන් මගේ කාර්‍ය්බහුල ජීවිතෙන් එයාට ඉඩක් වෙන් කර ගත්තා. එයා නිසා පාලුවෙන් තිබුන මගේ ජීවිතේ ටික ටික පිරෙන්න ගත්තා.

මට එයාට මගේ හැගීම් කියන්න ඕනි උනා. අන්තිමේදී මන් තීරනයක් අරන් අපි හම්බවෙලා මාස 7 ක් වෙනකොට දවසක් කෝෆි ෂොප් එකෙදිම, අපි දෙන්නා හමු උනු ඒ තැනදිම මගේ ආදරේ එතන හිටපු හැමෝම ඉස්සරහදීම ප්‍රකාශ කරා..

එයා ගොඩක් පුදුම උනා.. ඒ හින්දම ඒ ඇස්වලින් කදුළු ගැලුවා.. දුකට නෙමේ සතුටට. එයා මාව පිළිගත්තා.. මටත් ආදරේ ප්‍රකාශ කරා.. ඒතන හිටපු හැමෝම අපේ ආදරෙ නිසා සතුටු උනා. විශේෂයෙන්ම හොබී...

ඉතින් එදා මගෙ ජීවිතේ සතුටුම දවසක් උනා.. මගේ චිමී, මගේ මැණික මට කැමති උනා.. එදා අපි දෙන්නගෙ පලවෙනි හාදුව ඒ හැමෝම ඉස්සරහා මන් දෙනකොට එයා ලැජ්ජාවටම මගේ තුරුලේ හැංගුනා. මොන තරම් කාලයක් ගෙවුනත් තාමත් ඒ හැගීම මට එහෙමම දැනෙනවා.......


JJ.....................

Once Again (jikook version)                             Complete      Donde viven las historias. Descúbrelo ahora