🍃 38 Chapter 🍃

155 64 1
                                    


දික්කසාද ලියකියවිලි. වෙව්ලන දැතින් මන් ඒවා අරන් බැලුවා. එයා ඒවට අත්සන් කරලා. කොහොමද ? කොහොමද එයා එහෙම අපි දෙන්නගෙ ආදරේ අමතක කරන්නෙ? මාව එච්චරටම අවිශ්වාසද? මගේ ආදරේ එච්චරම වටින්නෙ නැද්ද ඔයාට මැණික?

මට මතක මගෙ වටේ මුළු පරිසරයම කළුවර වෙනව විතරයි.

මට ආයේ සිහිය එනකොට වෙන්න ඕනි හැම දේම වෙලා ඉවරයි. එයා මාව දාල ගිහින් දුරකට නේන්නම ගිහින් තිබුනා..

මට සිහිය ආවෙ එදා මගෙ මැණික මාව දාලා ගියපු දවසෙ ඉදන් මාසෙකට පස්සෙ. එදා මාව දොර ගාව සිහිය නැති වෙල ඉන්නකොට ඔෆිස් එකේ වැඩකට ආපු ටේහියුන් මගෙ එකම යාලුවා.. එය තමා මාව හොස්පිටල් එකට ගෙනත් තිබුනෙ. එයා මාව බලා ගත්තා.

ඒත් කෝ මගේ පන.?එදා ඉදන් මන් ජීවත් උනේ මැරුනු මනුස්සයෙක් වගේ. මන් එයාව හොයා ගන්න නොකරපු දෙයක් නෑ. ඒත් මට එයාව හොයා ගන්නා බැරි උනා. එයා අත්සන් කරත් මන් ඒ ලියකියවිලි වලට අත්සන් කරේ නෑ. මට ඕනි නෑ එයාගෙන් වෙන් වෙන්න. මන් කොහොමද වෙන් වෙන්නෙ ? ඒ මගේ පනනේ?
මගේ තනියට කොට්ටෙ විතරක් ලග ඉන්නකොට ඒ කොට්ටෙටම දුක කිය කියා එලිවෙනකන් ඇඩුවා.

මාව ආදරණීය පුද්ගලයෙක් කරපු එයා ගියාට පස්සෙ මන් ආයෙම ඉස්සර හිටපු ජන්කුක් , ජියොන් ජන්කුක්ම උනා. කිසිම මනුස්සයෙක් මන් දිහා කෙලින් බලන්නත් බය උනා.

එයා මට දාපු මුද්ද මන් අතෙන් ගැලෙව්වෙම නෑ. එයයි මායි හම්බ උනු කෝෆි ෂොප් එකට මන් හැම ඉරිදම සුපුරුදු වෙලාවට ගියා. මට හිතුනා එයා ආයෙම එයි කියලා.

එතන හැමොම කම්පා උනා. එයාලත් ඕනි උනේ ආයෙම ඒ ටේබල් එකේ අපි දෙන්නම ඉන්නව බලන්න. කොච්චර වෙනස් කරත් මන් එතන එහෙමම තියෙන්න දුන්නෙ මට ඒ මතක ගොඩක් වටින නිසා.

ඇයි? ඇයි මාව දාලා ගියේ? මන් තාමත් හේතුවක් දන්නෙ නෑ? මට උත්තර ඕනි එව්වට. මගේ මැණික ඇයි මාව අතැරියේ?

එයා කවදාම හරි මෙතනට එයි කියන චූටි බලාපොරොත්තුව එක්ක හැමදාම මන් මේ ටේබල් එක ගාව ඉදන් ඈත පේන පාර දිහා බලන් ඉන්නෙ අපේ මතක එකිනෙක එකිනෙක මතක් කරන ගමන්.

ඔයා එන්නෙම නැද්ද ?




JJ..................

Once Again (jikook version)                             Complete      Hikayelerin yaşadığı yer. Şimdi keşfedin