🍃 62 Chapter 🍃

186 67 0
                                    


          එයා මාව වැලදගත්තා.. අවුරුදු දහයකට පස්සේ ආයෙම ඒ සුවද ,  ඒ උනුසුම මාව තවත් අසරන කරා..එයා මගෙන් සමාව ඉල්ලුවා.. ඔයාට සමාව දෙන්න මන් ඔයත් එක්ක තරහා වෙන්න ඕනිනේ..

අවුරුදු ගානක දුක යන්න මන් ඒ වත තුරුකරන් අඩනකොට ඒ සිනිදු අත මගේ ඔලුවේ එහාට මෙහාට යන ගමන් මාවත් තුරුලු කරන් එයාත් හයියෙන්ම ඇඩුවා.. අපේ දුක නැති වෙනකන් කදුළු වලින් හේදිලා යනකන් අපි ඇඩුවා...

මාව දාලා යන්න එපා .. ප්ලීස් මාත් එක්ක ඉන්න..ආයෙම මාව තනි කරන්න එපා.. ම මට ඔයා නැතිව තවත් ජීවත් වෙන්න ඕනි නෑ මගෙ චිමී..

මගෙ පපුව පැලෙන්න තරම් වේදනා දෙනවා උනත් ඒ ඇස්වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ මට මගේ දුක තවත් පෙන්නන්න ඕනි උනේනෑ..

ඉතින් අවුරුදු දහයකට පස්සෙ මන් ආයෙම ඒ ස්ට්‍රෝබෙරි රස තොල් මගෙ තොල්වලින් අල්ලා ගත්තා...

විනාඩියක් දෙකක්, නෑ ඊටත් වඩා වෙලාවක් ඇස්වලින් කදුළු රූරා ගලද්දි ඒ වත මගේ වතටම තුරුළු කර ගන්න ගමන් මන් සිප ගත්තා ... අවුරුදු ගානක් නොලැබුනු පහස ආයෙම ලැබෙනකොට මගේ හිතට වගේම ගතටත්  අමුතු සැනසීමක්, සතුටක් දැනෙන්න ගත්තා..

                             

                                        JJ..................

Once Again (jikook version)                             Complete      Where stories live. Discover now