🍃 50 Chapter 🍃

160 60 0
                                    


අපි දෙන්නම කතා කරේ නෑ. එයා මන් දිහා බලනවා.. ඒ වගේම මාත්.. එයා තවත් ලස්සන වෙලා. එයාට දැන් 34ක්... ඇත්තටම අපේ ජීවිතවලින් බාගෙට වඩා ගෙවිලා ගිහින් නේද? අපි දෙන්නම දැන් මැදි වයසේ. එයා තාමත් එහෙමම උනාට මන්? එයා යයිද? එයා තාමත් තරුනයි..කලින් පාරත් එයාම ගියා.. මේ පාරත්?

මට එයාව මගේ තුරුලට ගන්න ඕනේ. ඒ තොල්වල පහස විදින්න ඕනේ. එයාගෙ පහස විද ගන්න ඕනි. එයාව වැළදගෙන ඇති තරම් අඩන්න ඕනි. ඇයි මට මෙහෙම කලේ කියලා අහන්න ඕනේ... මගේ හිත වගේම කයත් එයාගෙ පහස ඉල්ලුවත් තව දුරටත් මට එයාගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද?

ඇයි මැණික ඇයි? මගේ හිත අහන්නෙම එකම දේ? අපිට ආයෙම හැරෙන්න බැරිද?

අපි අතර තිබුනු දැඩි නිහැඩියාව බිදුනේ එයාගෙ කටහඩින්. ඒත් එක්කම හොබී හියුන් එයා ආසම විදිහෙ කොෆී එකක් ගෙනත් මේසෙන් තිබ්බා. ඒකෙ සුවද.. එදා වගේමයි...

හුගක් දේවල් එදා විදිහම උනත් අපි දෙන්නා....?




JJ...................


Once Again (jikook version)                             Complete      Wo Geschichten leben. Entdecke jetzt