Love

462 92 15
                                    

ඒත් ජන්කුක් ටේව උස්සන් එනකොට ටේ නිදන් හිටියෙ ඇත්තටමද?

...............................එතැන්සිට...........................

නෑ..... ඇත්තටම කිව්වොත් ටේ එතකොට නැඟිටලයි හිටියේ.ඒත් එයාට ඕනිවුණා ජන්කුක් එතකොට කරන්නෙ මොකක්ද බලන්න..........

ඒත් කිම් මැන්ෂන් එකට ළංවෙද්දි නම් ටේහ්‍යුන්ට ඇත්තටම නින්ද ගියේ හිතේ තියෙන ලොකු සතුටත් එක්කමයි.

At kim mansion

"ආ.... කුකී පුතා... මං බැලුවෙ කවුද කියලා.. මොකෝ මේ අලිබබා නිදි?"

සේරි ඇහුවෙ ජන්කුක්ගෙ ශක්තිමත් අත් දෙක අතරෙ මැදිවෙලා පුලුන් බෝලයක් වගේ නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ව දැකලා.

"ටේට නින්ද ගියා ඔම්මා... ඒකයි..." ජන්කුක් සේරිට උත්තර දුන්නෙ පුන්චි හිනාවකුත් එක්ක.

"ආ... මේකා බර නැද්ද?" සේරි ඇහුවෙ නිකන් නෝන්ඩියට වගේ.

"අනේ නෑ ඔම්මා.. පුලුන් වගේ... 🌝💔" ජන්කුක්ගෙ උත්තරේ අහපු සේරි කිව්ව දේටනං ජන්කුක් චෙරි ගෙඩියකටත් වඩා රතුවුණා.

"ඒකට කමක් නෑ ඕව පුරුදු වෙන්නත් එපෑ පුතේ... නැත්තං ඉතිං ඔයාට ඉස්සරහට අමාරු වෙයි"

ඒ කතාවට යාන්තමට හිනාවුණු ජන්කුක් ටේගෙ කාමරේට යන්න හදනකොටම,

"ආ... මේ කුකී මං සුපර්මාර්කට් එක යනවා දැන් හරිද? ඔයා හොබී පුතා එනකන් මෙහෙන් ඉන්නකො.අප්පත් ඩොක්ට කෙනෙක් මීට් වෙන්න ගියා.එයත් එයි ටිකකින්.හරිනෙ?" කියලා ඇහුවා.

"ආ...හරි ඔම්මා 😊"

ඒ විදියට උත්තර දීපු ජන්කුක් ටේව එයාගෙ කාමරේට අරගෙන ගියා.

ඊටපස්සෙ ටේව ඇඳ උඩින් පරිස්සමට තියලා නළලෙන් පොඩි ඒත් උණුසුම් හාදුවක් තැවරුවා.

ටේහ්‍යුන් නින්දෙන් උනත් ඒ පහස අඳුරගත්ත වගේ ජන්කුක්ගෙ නම කොඳුරන ගමන් ගුලිවුණා.

ජන්කුක්ටත් මොකක්දෝ හේතුවකට ටේහ්‍යුන් ළඟින්ම ඉන්න හිතුනු නිසා එයත් එහෙම්මම ටේ ළඟින් ඇලවුණා

.
.
.
.
.
.
.
.

"ආආආආහ්!!!! කුකී!!!! එපා!!! අනේ මාව බේරෙගන්න!!!!! කුකී!!!!! එපා!!!!! කුකීඊඊඊඊඊඊ!!!!!!!!!!!" ටේගෙ කෑගැහිල්ල එක්ක ගැස්සිලා ඇහැරුණු ජන්කුක් ටේහ්‍යුන්ට කතා කරන්න හදනවත් එක්කම වගේ ටේහ්‍යුන් ජන්කුක්ව ගොඩක් තදින් බදාගත්තා.හරියට එයාව දාලායයි වගේ.

"අනේ..😭 කු....කුකී.... අ..නේ ම්..මාව.. මාව දාලා....ය..න්න එ..පා... 😭 ඔයාගෙ ටේට රිදෙනවා...😭 ගොඩක්..😭 මං...මං ඔයා.....ට ඔයාට.... ආදරෙයිනෙ.... අනේ.... මාව... 😭 දා...ලා... යන්න.... එ..පා...." ටේ ඉකිගගහ අඬන ගමන්ම ජන්කුක්ට තවත් තුරුලු වෙනගන්ම කිව්වා.

"මං ඔයාට ආදරෙයිනෙ......." ජන්කුක්ගෙ කන්දෙකේ ඒ වචන දෝංකාර දුන්නෙ එයාගෙ ඇස් අගටත් පුංචි කඳුලක් ඉනුවෙ සතුටට...

"ඒ කියන්නෙ මගෙ මැණිකත් මට ආදරෙයිද....?"

ටේගෙ ඉකියත් එක්ක ආයෙත් හටි සිහියට ආපු ජන්කුක් ටේව තුරුල් කරගෙන එයාව සන්සුන් කරන්න හැදුවා.

"කෝ....ශ්..ශ්... මැණික.... මොකෝ මේ.. ම්ම්.... අඬන්න එපා දැන්... කුකී ඔයා ළඟමයි ඉන්නෙ...."

ජන්කුක්ගෙ වචනත් එක්ක ආයෙත් හරි සිහියට ආපු ටේහ්‍යුන් දැණුනු ලැජ්ජාවට ජන්කුක්ගෙ පපුවට තව තවත් තුරුල් උනා.

"මොකෝ...... මගෙ මැණිකට ලැජ්ජයිද...🌝"
ටේහ්‍යුන්ව ඒකටනම් රතු වුණා.

"අනේහ්.... එපා අනේහ් 😑 නපුරු කුකී" ටේහ්‍යුන් ජන්කුක්ගෙ අත්වලින් ගැලවෙන්න හදන ගමන් කිව්වා.

"ඔයා මට......  ඇත්තටම....._" ජන්කුක් කියලා ඉවර කරන්නත් කලින් ටේ උත්තර දුන්නා.

"ඔව් ඔව් ආදරෙයි...... එතකොට්-" ටේහ්‍යුන්ට තව දුරටත් කතා කරගන්න බැරුව ගියේ ටේහ්‍යුන්ගෙ පළවෙනි හාදුව වෙන කෙනෙක් ගත්ත නිසා.....

හායි

🌝 මං කලින්ම ඇවිත් නේත 🌝 වාර විභාග ඉවර වුණාට පස්සෙ ආවෙ 😅 සොම්රි ඉතිම් 🌝 බායිම් 🌝 ලව් යූ 😘😘😘

Enjoy
Nuuni_Nim ♥️

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now