ජන්කුක්ගෙ වේදනාත්මක විලාපෙ අහගෙන ඉන්න් කාටවත් හයියක් තිබුනෙ නෑ.
අප්පගෙන් නොලබපු උණුහුම ආයෙත් ඒ අප්පාගෙන් ලැබෙනකොට, ජන්කුක් තරම් සතුටු උනු කෙනෙක් නැතුවැති.
ඒ අප්පාට තමන්ගෙ හදවතේ එයාගෙ අප්පාට තිබුණු තැන දෙන්න ජන්කුක් දෙපාරක් හිතුවෙ නෑ.....ඒ වගේම සේජින්ට මේවගේ දෙයක් වෙයි කියලාවත් කවුරුත් හිතුවෙ නෑ........
.............................එතැන්සිට...........................
සේජින්ගෙ body එකත් අරගෙන කට්ටිය ගෙදර එන්න පිටත් උනා.
එයාලා ගෙදරට එනකොටත් ගොඩක් අය එයාලගෙ ගෙදරට ඇවිත් තිබුණා.
එයාලාගෙ පවුලෙ හිතවත්තු, නෑදෑයෝ, business partners, staff වගේම තව අයත් එතනට ඇවිත් හිටියෙ සේජින් ජීවිතේදි හම්බකළෙ සල්ලි විතරක් නෙවෙයි කියලා පෙන්නන්න වගෙයි.
"අනේ ලොකු මහත්තයා 😭😭😭" සේජින්ගෙ බොඩි එක එළියට ගනිද්දිම පොඩි කොල්ලෙක් කෑගහලා අඬන්න ගත්තා.
"ලොකු මහත්තයා එන්නකෝ 😭 මටයි නංගිටයි ආයෙත් යන එන මං නැතිවෙයි ලොකු මහත්තයා ගියාම 😭 මං ලොකු මහත්තයට පොරොන්දු උනා වගේම ලොකු දොස්තර මහත්තයෙක් වෙන්නං 😭 අනේ ලොකු මහත්තයා නැඟිටින්නකෝ" සේජින්ගෙ මිනිය බදාගෙන අඬන ඒ ළමයව තමන්ට තුරුලු කරගත්ත නම්ජූන් අඬන්න ගත්තෙ මෙහෙම කියන ගමන්.
"ලොකු මහත්තයා ආපහු එන්නෑ මගෙ පුතේ... ඒත් පුතා බයවෙන්නෙපා.මං මගෙ පුතාවයි දූවයි බලාගන්නම්.. ලොකු මහත්තයා වගේම හොඳටනං මට බැරිවෙයි..... ඒත් මං මගේ උපරිමෙන්ම මගෙ පුතාව බලාගන්නම්.ඒත් මට මගේ පුතා එක දෙයක් පොරොන්දු වෙන්න ඕනි... මගෙ පුතා ලොකු මහත්තයට පොරොන්දු උනා වගේම ලොකු උනාම ගොඩක් හොඳ,දක්ෂ දොස්තර මහත්තයෙක් වෙන්න ඕනි.පුතා මට කියන්න, පුතා එහෙම කරනවද?"
නම්ජූන්ගෙ ප්රශ්නෙට ළමයා ඔලුව වනලා තවත් නම්ජූන්ට තුරුල් උනා.මේක කිම් පවුලෙ අයයි කම්පැණියෙ අයයි දැනන් හිටියත් එතන හිටපු අනිත් අයටනං ලොකු ප්රශ්නයක් උනා.
"මේ අපේ කම්පැණි එකේ කලින් වැඩකරපු කෙනෙක්ගෙ ළමයි.එයාලාගෙ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් වෙලා මැරුණට පස්සෙ අපි හැමෝම එකතුවෙලා මෙයාලව බලාගත්තෙ.ලොකු මහත්තයා තමයි ඒකට ගොඩක් මහන්සි උනේ." එතන ඉඳපු employee කෙනෙක් සිද්ධිය සරලව පැහැදිලි කරලා දුන්නෙ සේජින් ගැන කට්ටිය වැරදි වැටහීමක් කවුරුත් ඇතිකරගන්නවට එයා අකමැති උන නිසයි.
හැමෝගෙම දුක්ගැනැවිලි මැද සේජින් අවසන් ගමන් ගියේ ආයෙත් කවදාවත් නොඑන්නමයි......
Author note
හායී 😅 ඔන්න දුන්න 😪 අඩේ මට දුකයි සේජින් අයිය ගැන 😪 ඔන්න දැන් තමා කතාව පටන් ගන්නෙ 🌚 දැන් තියෙන්නෙ ඉවර කරන්න තමා 🌚 අයි මීන් අවසානෙට ටිකක් ළඟයි දැන්.time skip එකක් ටිකක් ලොකුවට තියෙයි ඊළඟ චැපියෙ 🌚 බායි 😍🌚😙ඒවගේම,
Rest In Peace Angel Dewduu akki 😥 You've been a real "Devduu" as your name.I didn't owe a big relationship with you but, I knew how friendly and adorable you are 😥 Hope you'll be happy there 😥Enjoy
Nuuni_Nim ❤️
YOU ARE READING
Only Bunny's 🐯 (Taekook-completed)
FanfictionA Story About two lovers who found the warmth they looked for in each other's embrace 🍂❤️ ___________________________________________ Boy×Boy Ship story Start- 2022.01.22 End- 2023.02.14 Top-kook Bottom-Tae 🐰🐯 Side-Namjin 🐑🐨 Yoonmin 🐱...