Little peck 😘

644 131 25
                                    

"😁 මයෙ ජිනියො මොකෝ කියන්නෙ අපි දෙන්නව සෙට් කරමුද?" මිසිස් කිම් ජින්ගෙන් ඇහුවෙ ඇහිබැමකුත් උඩට උස්සලා.

"ඔම්මා කියන්නෙ ජන්කුකුයි ටේයිද?" ජින් ඇහුවා.

"ඔව් ඔව් අනේ 😌" කියලා මිසිස් කිම් කිව්ව විතරයි

ජින්.............

..............................එතැන්සිට................................

"අනෙ මයෙ ඔම්මේ මං මොකටද එපා කියන්නෙ? මරුනේ💃💃💃💃💃" කියාගෙන ජින් ඔම්මව බදාගෙන කෑගැහුවා...

"හෙහ් 😅 මං හිතුවෙ ඔම්ම අකමැතිවෙයි කියලා 😅 ඔම්මත් කැමතිනං මාත් කැමතී 😌" කියලා ජින් කිව්වෙ හරි සතුටෙන්.

"එහෙනං පුතේ අපි මේ දෙන්නව ඉක්මනටම යාලු කරෝමු." කියපු සේරි (මිසිස් කිම් 😅 හැමවෙලේම මිසිස් කිම් කියන්ඩ බෑ අෆ්ෆා 😅) කට කොනෙන් යාන්තමට හිනා උනා.

Time passed

At 6.00 p.m

ජන්කුක් මෙච්චර වෙලා ටේ එක්ක සෙල්ලම් කර කරයි හිටියේ.ඒ දෙන්නා එකතු උනාමනං පොඩි උන් පරාදයි.😂

"යාහ්!!! ජන්කුකා!!! උබ ගෙදර යන්නැද්ද දැං? හොබී මට මං හිතන්නෙ මේ එකසිය අනූ නවවෙනි පාර උබ තාම මොකෝ කරන්නෙ කියලා අහලා කෝල් කරපු 😫"

ඒ විදියට කෑගහගෙනම ආපු ජින් ජන්කුක්ගෙ ඔලුවට පොඩි පාරක් දුන්නා.

"ඔන්න ඔහේ එයා 200 වෙනි පාරට කතා කරාමම යනවා 😌 හියුන් පැනික් වෙන්ට එපා හුම් 😌 මං එළ කොල්ලෙක් 😌"

ජන්කුක් කිව්වෙ මාසගානක් ජිම් එකේ පැළවෙලා කට්ට කාලා පුම්බගත්තු අත් දෙක පෙන්නන ගමන්.

"අනේ උබේ ලබ්බෙ මස්ල් 😂 උබ ඔච්චර හයිරංකාරයනං ඇයි දන්නෑ අද උදේ පාරෙ සිහියක් නැතුව වැටිලා හිටියෙ 😂 අනේ පලයං යන්න 😂"

ජින් ඒක කිව්වෙ ජන්කුක්ට ඔච්චමට.ඒකෙන්නං ජන්කුක්ගෙ ලොකුකම් මහබැංකුවෙ සල්ලි වාෂ්පවෙනව වගේ අතුරුදහන් උනා.

"ඒකනෙ හියුන් 😌 මේ ටේටේ ගියෙ නැත්තං මේ කුකී තාම එතන 😌" ටේත් මැදට පැනලා හූමිටි තියනවා.😂

"ඒ පාරෙ වෙන මිනිස්සු එන්නැතුවයෑ 😌 ඔයාලා මට ෆේන්ට් වෙච්ච වෙලාවෙම ආපු නිසයි එහෙම උනේ" ඒ කතාවටනං ටේගෙ මූණ හයි හීල්ස් වලට අහුවෙච්ච කෙහෙල් ලෙල්ලක් වගේ උනා.ඒ හින්දම ටේ කටපියාගත්තෙ ටිකක් අවුලෙන්.

📲..අයිම් සෝ ලෝන්ලී බ්‍රෝකැන් ඒන්ජොල්.... අයිම් සෝ ලෝන්ලී ලිස්න් ටූ මයිහාට්... වනැනෝන්ලී බ්‍රෝකැන් ඒන්ජොල්... කමැන් සේව් මී බිෆෝරයි ෆෝල් අපාට්.....

📞-හෙලෝ හොබී හියුන් 😅

📞-හෙලෝ... 🙄 හෙලෝ නෙවෙයි මං කියන්නෑ තොට.... ගිය වෙඩිමකින් වර ගෙදර.... තෝ ජින් හියුන්ට වද දෙන්ඩ එපා...... දැන් වරෙන්.. මාව යකා කරගන්නැතුව.

හොබි කියන්න තියෙන ටික ජන්කුක් ඊළංගට මුකුත් කියන්න කලින්ම කියලා දැම්මෙ මුගෙ හුරතල් කතා හින්ද හොබීට කුක්සන්ට බයින එක අමතකවෙයි කියලා හිතලා.....

📞-ඔමෝ.... හරි හරි හියුන් මේ එනවා 🙂✋

Beep....

"ඒ කියන්නෙ කුකී...... ඔයා දැන් යනෝද 🥺" ටේ එයාගෙ පපී ඇස්වල කඳුලුත් පුරවන් අහපු විදියට කුක්ට කටක් ඇරලා ඔව් කියන්න විදිහක් තිබුන්නෑ.

"අනේ මගෙ කොටි පැටියො එයා දැන් යන්න එපැයි ම්ම්.... නැත්තං එයාට එයාගෙ හොබී හියුන් ආපහු මෙහේ එන්න දෙන්නැතිවෙයි..." සේරිත් ඇවිත් ටේගෙ එහාපැත්තෙන් ඉඳගෙන කිව්වා.

"ඒකනෙ ටේ... මං ගිහින් එන්නං ඈ 😘" කියාගෙන කුකී ටේගේ නලලට පුංචි පෙක් එකක් තියලා දුවගෙන ගියේ ටේ ඇස් දෙක තඩි පතල් වලක් වගේ ලොකු කරගෙනත්,සේරීයි ජිනුයි දෙන්නට දෙන්නා ඇහැක් ගගන්නත් අතරෙයි.....

නේ ප්ලීස් ඔයාලා මේ කතාව කියෝනව වගේම මේකට වොට්ස්,කමෙන්ට්ස් කරනව වගේම මේක ශෙයා කරලත් මට සප් එකක් දෙන්න 🥺 මං පවුනෙ 🙃

Enjoy
Nuuni_Nim ❤️

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now