ටේ විසික්කරපු මල් බොකේ එක අල්ලගත්තෙ වෙන කවුරුත් නෙවේ.....
.............................එතැන්සිට.............................
ඒ ජිමින්!!
සමහරුන්ගෙ සුබපැතුම්,මල් පොකුර අල්ලගන්න බැරි උන අයගෙ සුසුම් මැද මල් පොකුරත් අරගෙන ජිමින් යූන්ගි ගාවට දුවගෙන ගියා.
ඈතදිම ජිමින් ඒ පැත්තට දුවන් එනවා දැක්ක යූන්ගි ඉක්මනටම ජිමින් ගාවට දුවගෙන ආවා.
"හියුන්.. මේ..." ජිමින් මල් පොකුර යූන්ගිට පෙන්නුවෙ හරිම ආසාවෙන්.
"ම්ම්ම්...." යූන්ගි උත්තර දුන්නෙ ඒක ගාණකට ගන්න ඕන්නැති දෙයක් වගේ.
"මේ මොකද හියුන්...... හියුන්ට මාව එපාවෙලාද? මං හියුන්ගෙ boyfriend නෙ..." ජිමින් ටික ටික ඇස්වලට උනන කඳුලු පාලනය කරගන්න ගමන් ඇහුවා.
"ඔයා තවදුරටත් මගෙ boyfriend නෙවේ......." ඒ වචන ටික ඇහෙද්දි ජිමින්ට දැනුණෙ එයාගෙ මුළු ලෝකෙම කඩන් වැටුණා වගේ..
"ඔයා මගෙ Fiance... මගෙ husbund..." එහෙම කියපු යූන්ගි බිම දණගහගෙන ජිමින්ට මුද්දක් දික්කරා.
(දික්කරාට වඩා හොඳ වචනයක් මතක් වෙන්නෑ 😫)"ජිමින්,my world,my love, Will You Marry Me?" යූන්ගි මහා දිග ලිස්ට් එකක් මේ වෙලාවෙ කියන්න හිතන් හිටියත් එයාට කියවුණේ මෙච්චරයි.
"Marry him! Marry him!" මෙච්චර වෙලා මේ සිද්ධිය බලන් හිටපු ටේහ්යුන් වගේම ජන්කුක් කෑගහන්න ගත්තා.
ඒ එක්කම එතන හිටපු අනිත් අයත් ඒ විදියටම කෑගහන්න ගත්තේ ජිමින් හෙල්ලෙන්නෙවත් නැතුව යූන්ගි දිහා බලන් ඉද්දි.
"චිම්.... මැණික... ඔයා කැමති නැද්ද...?" යූන්ගි ඇහුවෙ දෙගිඩියාවෙන්.
"නෑ.. මන් කැමතී 😃 මොකට අකමැති වෙන්නද? මං මේ හියුන් මෙහෙම ඉද්දි කොච්චර හැන්ඩිද කියල බැලුවෙ 🌝" ජිමින් වටේ ඉන්න අයව හිනස්සවලා කිව්වා...
ජිමින්ගෙ උත්තරෙත් එක්කම ජිමින්ට මුද්ද දාපු යූන්ගි ජිමින්ට පුංචි හාදුවක් දීලා එයාව තුරුල් කරගත්තා.
"එහෙනං අපි දැන්වත් මැරීඩ් කපල් එකව හොටෙල් එකට යවමු නේද...?" එතෙන්ට ආපු සේරි හිනාවෙවී කිව්වා.
"හරි හරි 😂😅" යූන්ගි රතුවෙලා ඉන්න ජිමින්ව තුරුල් කරගෙනම සේරිට උත්තර දුන්නා.
.
.
.
.
."බායි කොල්ලො දෙන්නා!!! පරිස්සමෙන් ගිහින් වරෙව්!!"
"ටේ....!!! තමුසෙ ඉතුරු වුනොත් කෝල් එකක් දියන්!!!"
"හැපි හනිමූන්!!!"
"පරිස්සමෙන් පුතාලා"
"ලව් යූ!!!!!"
..හායී 😅😅😅
කරම්න දෙයක් නෑ මට ඇප් එක දාගන්න බැරිවෙච්ච නිසා මේ අවුල උනේ 😫😪 කොහොමත් ඔයැයිල මාව හෙව්වෙ නෑනෙ හුම් 😪😪 දුකයි ඈ 😪😪 පුලුවන්නම් කමෙන්ටුවක් දාන් යන්න ❤️
Enjoy
Nuuni_Nim ❤️
YOU ARE READING
Only Bunny's 🐯 (Taekook-completed)
FanfictionA Story About two lovers who found the warmth they looked for in each other's embrace 🍂❤️ ___________________________________________ Boy×Boy Ship story Start- 2022.01.22 End- 2023.02.14 Top-kook Bottom-Tae 🐰🐯 Side-Namjin 🐑🐨 Yoonmin 🐱...