"අනේ මට හරිම සතුටුයි 🥺 මගෙ පිස්සු සෝල්මේට් දැන් අප්පෙක් නේ 🥺 අනික කුකී 🥺 මට දැන් ඇඬෙන්න වගේ ඕන්න 🥺 අනේ යූම්කියා 😭" ජිමින්ගෙ ඇඬිල්ලට අනිත් අයට හිනත් ගියා. යූන්ගිනං හිනාවකින් විතරක් උත්තර දුන්නා.
අන්තිමේදි කතාකරන්න ගත්තේ සේරි.
..........................එතැන්සිට................................
"පුතේ, ඔයාලා දන්නවද? අප්පා හිටියනං අද මෙතන එයා තමා මෙතන වැඩිපුරම සතුටු වෙන්නේ. මොකද දැන් එයාගෙ පුංචි කොල්ලො දෙන්නම වගකීම් තියෙන ලොකු මිනිස්සු දෙන්නෙක්නේ 🥺.." සේරි ඇස්වලට පිරෙන කඳුලු හංගන්න හදන ගමන්ම කතාළා.
"මේ දරුවව දැක්කම මට මතක්වෙන්නෙම අප්පව... මේ දරුවගෙ ඇස් දෙක ඒ වගේමයි, නැද්ද 🥺" කඳුලු පිරුණත් හිනාවෙන ඇස් දෙකෙන් සේරි කිව්වේ පරණ මතක අවුස්සන ගමන්.
ඇත්තටම, පුංචි යුරීගෙ ඇස්දෙක සේජින්ගෙ වගේමයි. හරියට යුරීගෙ මාර්ගෙන් සේජින් ආපහු එයාලට එකතු වෙලා වගේ.
"ඒ වගේමයි පුතේ, දැන් ඔයාලා දෙන්නා අප්පලා දෙන්නෙක්... මේ දරුවගේ අනාගතේ ඔයාලගෙ අතෙයි තියෙන්නේ. පුතාලට තේරෙනවා නේද? සේජිනුත් අපේ කම්පැණි එක අර විදියට දියුණු කළේ නම්ජූන් ඉපදුණාට පස්සෙයි. ඒකම දැන් ඔයාටත් කරන්න වෙනවා කුකී,ජුනී...."
සේරි කිව්වෙ නම්ජූන් වගේම ජන්කුක් දිහා බලන ගමන්...
"යුරී, යොන්ජුන්, ජුන්ජී, ටේ, ජින් ඒ හැමෝම වෙනුවෙන්... තේරුණා නේද?" සේරිගෙ කතාව ඉවරවෙද්දී ඒ වචනවල බර ජන්කුක්ට වගේම නම්ජූන්ටත් නොඇඩුව දැනුණා.
.
.
.
.
.කාලය ගතවුණා... මේ අලුත් අවුරුද්දක පටන්ගැන්ම.... ජනවාරි මාසෙ පළවෙනිදා... කලින් අවුරුද්දෙ මඟඇරුණු බැඳීම් අලුත් කරගෙන වැරදි හදාගෙන ඉස්සරහට යන්න අලුත් ආරම්භයක්.... ඒත් ජන්කුක්ට වගේම නම්ජූන්ට ඒ දවසෙ බර ගොඩක් වැඩියෙන් දැනුණා. මොකද එයාලගෙ ජීවිතේ ගොඩක් වැදගත් දවසක් අද....
"කුකී!!! කෝ ලෑස්තිද????" ටේහ්‍යුන්ගෙ කටහඬ පහල තට්ටුවෙන් ඇහුණේ හරි නොඉවසිලිමත් විදියට.
අන්තිම පාරටත් කණ්නාඩිය දිහා බලලා තමන්ගෙ අඩුවක් නැතිබව තහවුරු කරගත්තු ජන්කුක් පඩිපෙළ බැහැගෙන ආවේ තව පාරක් ටේහ්‍යුන්ට කෑගහන්න ඉඩ නොදී....
"අනේ මගෙ ටේ රත්තරනේ කෑගහන්න එපා ඉතින් 😘😘 මං ඔයාට ආදෙයිනෙ ම්ම්ම් 😘😘😘" ටේහ්‍යුන්ගෙ තොල් උඩින් හාදුවක් තියපු ජන්කුක් ටේහ්‍යුන් එල්ලන් හිටපු baby bag එකේ හිටපු යුරී ළඟට නැමුණා.
"ගුඩ් මෝනින් ප්‍රින්සස් 😘 ඔයාගෙ අප්පා හෙන හැන්ඩ්සම් නේද බලන්නකෝ මේ" ජන්කුක් බොරු ආඩම්බරේකුත් මවාගෙන වටයක් කැරකෙනකොට අප්පගෙම දූ වෙච්චි යුරිත් හිනාවෙවී උල්පන්දම් දුන්නා.
"පුහ් 🙄 මලවිකාර..." ටේහ්‍යුන් ඇස් රෝල් කරන ගමන් කිව්වෙ ඊරිසියාවට පුපුරන්න ඔන්න මෙන්න වගේ ඉඳිද්දී.
"ඕං ඕං පපාට ජෙලස් හිතිලා 😂 කෝ බලන්න මූණ පපාගෙ" අහක හරවන් ඉඳපු ටේහ්‍යුන්ගෙ මූණ තමන්ගෙ පැත්තට හරෝගන්න ගමන් ජන්කුක් කිව්වෙ හිනාවෙවී.
"මොකෝ කතා නැත්තෙ ම්ම්ම්? ඔයා ඉතින් හැන්සම් නෑනෙ බබා... ඔයා කියුට් ඇන්ඩ් බියුටිෆුල්... මගෙ හැන්ඩිකමට ගහන්න කවුරුත් නෑනෙ ඉතින් හී 😁" ජන්කුක් කොලර් එක හදන ගමන් කිව්වෙ ටේහ්‍යුන් ලැජ්ජාවෙන් රතුවෙද්දි...
"යකෝ එතකොට මම නැද්ද ඈ!!! මම worldwide handsome හරිය 🙄" කොහේද ඉඳලා කඩන්පාත් වුණු ජින් කෑගහන්න ගත්තෙ ජන්කුක් වගේම ටේහ්‍යුනුත් ජින්ව අවුස්සන්න කන්වල ඇඟිලි ගහගනිද්දි.
පුංචි යුරිත් අප්පවයි පපාවයි අනුගමනය කරන ගමන් එයාගෙ කනුත් අත්දෙකෙන් වහගන්නවා වගේ පෙන්නුව"අනේ ඇත්තමයි මුං ඔක්කොම එකයි 🙄 යකෝ මේ worldwide beautiful voice එකෙන් කෑගහද්දි කන්වහගන්නේ!!!" ජින් නහර පුප්පන් කෑගහන්නගත්තා. ජින් කොච්චර කෑගැහුවත් කට්ටිය දන්නවා ඒ විහිලුවට කියලා. ඒ නිසා කට්ටිය කලේ පිස්සුවෙන් වගේ හිනාවෙන එක විතරයි.
"හපෝ බබා මොකෝ මේ කෑගහන්නෙ උදේ පාන්දර ම්ම්?" නම්ජූන් ආවෙ හිනාවෙවී.
"මේ අනිත් එකා!!! යන්තන් දැන්වත් ඇඳලා ඉවරයි. මෙතන සපත්තුවකුත් කඩාගෙන 🙄 මට දැන් ඔලුව හොඳ ගලක ගහගන්න හිතිලා තියෙන්නේ 🙄" ජින් කියද්දි ජන්කුක් අහිංසක විදියට මෙහෙම ඇහුවා.
"හ්‍යුන්ට හොඳ ගලක් පෙන්නන්නද? ඔලුව ගහගන්න?"
කට්ටියගෙ හිනාහඬ ආයෙත් අලුත් උනේ ජින්ට එයාගෙ කැඩිච්ච රෝස පාට සෝස්පෑන් එක නැති පාඩුව දැනෙද්දි 😌
Author's note
Happy new year (month) 🤧😂 මාසයක් විතර දුන්නෑ 😁 අවුලක් නෑ ඉතින් කට්ටිය ඉල්ලලා කරදරේකුත් නෑනෙ 😂
මොකක්ද මේ විශේෂ දවසෙ සීන් එක?
ගෙස් කරමු බලන්න 👀Enjoy
Nuuni_Nim ❤️
YOU ARE READING
Only Bunny's 🐯 (Taekook-completed)
FanfictionA Story About two lovers who found the warmth they looked for in each other's embrace 🍂❤️ ___________________________________________ Boy×Boy Ship story Start- 2022.01.22 End- 2023.02.14 Top-kook Bottom-Tae 🐰🐯 Side-Namjin 🐑🐨 Yoonmin 🐱...