Go on....🎯

206 39 0
                                    

කට්ටියගෙ හිනාහඬ ආයෙත් අලුත් උනේ ජින්ට එයාගෙ කැඩිච්ච රෝස පාට සෝස්පෑන් එක නැති පාඩුව දැනෙද්දි 😌

.............................එතැන්සිට.............................

"Good Morning Everyone." නම්ජූන් එයාගෙ තියෙන ලස්සනම හිනාව පෙන්නන ගමන් කිව්වේ එතන හිටපු හැමෝගෙම අත්පුඩි හඬ මැද්දෙ.

නම්ජූන් එයාගෙ කලබල ගතිය නොපෙන්නා ඉන්න ගොඩක් උත්සාහ කරන ගමන් කතාව පටන් ගත්තා.

"ඔයාලා හැමෝම අද මෙතැනට එකතුවෙලා ඉන්නේ මේ company එකේ තවත් එක කඩයිමක ආරම්භය සනිටුහන් කරන්න.

මගේ, ඒ කියන්නේ Kim Namjoon වගේම මගේ පොඩි මල්ලි Kim Taehyung ගෙ අප්පා Kim Sejin තමයි අපේ Kim Company එක පටන් ගත්තේ.ඒ දේ මෙතන ඉන්න හැමෝම දන්න දෙයක්.

තමන්ගේ මුළු ජීවිතේම company එකේ  සාර්ථකත්වයට යොදවපු අප්පා මේ company එක කොරියාවේ විතරක් නෙවෙයි ලෝකයෙම පිළිගත්තු එක්තරා brand එකක් කළා.

අප්පා අද අපිත් එක්ක නැතිවුණත් Kim කියන්නේ මේ වෙනකොට ලෝකයේම ජනප්‍රිය fashion brand එකක්.

ඒත් පහුගිය කාලේ අපේ company එක ගොඩක් කරදරවලට මුහුණ දුන්නා.

ඉතින් ඒ කරදර හැමදේකින්ම ජයගත්තු අපි තීරණය කළා අලුත් නමකින්, අලුත් දැක්මක් එක්ක company එක ආයෙත් පටන් ගන්න."

නම්ජූන් ගැඹුරු හුස්මක් ගන්න ගමන් ජින් දිහා බැලුවා.

ජින් නම්ජූන්ට ඉඟි කළේ කලබල වෙන්න එපා කියලයි.

"එහෙනං අද, මේ මොහොතේ ඉඳන් අපේ Kim company එක S&S company එක විදියට officially announce කරනවා." නම්ජූන් කිව්වේ ශාලාව ඇතුළේ ලොකු අත්පොලසන් නාදයක් රැව්දෙද්දි.

ඒ හැමදේම දිහා බලන් හිටපු සේරි ඇහැ අගින් වැටුණු කඳුල පිහදන ගමන් අහස දිහා බැලුවා.

"අපේ දරුවෝ ඒක හොඳට කළා, මහත්තයෝ 🥺"

.
.
.
.

කාලය ගෙවිලා ගියා. කට්ටිය හිතුවා වගේ brand name එක වෙනස් වුණාට ඒකේ sales පහළ ගියේ නෑ. ඒත් කම්පැනිය වෙනුවෙන් තමන්ගෙ උපරිමය කරන්න නම්ජූන් වගේ ජන්කුක් පැය විසිහතරම ගොඩක් මහන්සි වුණා.

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now