New Parents 👨‍👨‍👧

299 49 4
                                    

"අපි මෙයාව අපේම දරුවෙක් වගේ හදාගමු? 🥺"

..........................එතැන්සිට................................

ටේ ජන්කුක් දිහා බැලුවෙ බලාපොරොත්තු පිරුණු ඇස් වලින්.

ජන්කුක්ටත් දරුවව අතාරින්න වුවමනාවක් තිබුණෙ නෑ.

පුංචි හිනාවකින් මූණ සරසගත්තු ජන්කුක් ටේව තමන්ට තුරුල් කරගන්න ගමන් ඒ වෙනකොට තමන්ගෙ අතේ හිටපු පුංචි රෝස බෝලෙ නළලින් පුංචි හාදුවක් තිබ්බා. ඒ හාදුවෙ තිබුණෙ තාත්තෙක්ගෙ ආදරේ, රැකවරණය, ආරක්ෂාව විතරමයි.

"තැන්ක්‍යූ සෝ මච් කුකී 🥺 ම...මට කි-කියන්න තේරෙන්නෑ. ඒත්...... මට-මට හරි සතුටුයි.🥺" ටේ ඇස් දෙකේම කඳුලු පුරවන් ජන්කුක්ට තව ටිකක් තුරුල් වුණා.

"ස්තූති කරන්න ඕන්නෑ මැණික.මෙයා අපි ළඟට ආවෙ සමහරවිට දෛවය නිසා වෙන්නැති.ඉතින්.... එයාව බලාගන්න එක අපේ යුතුකම...."

ජන්කුක් කිව්වෙ අහිංසක හිනාවක් පුරෝගෙන.

"දැන්නං බබාට බඩගිනී වගේ... ගෙදර කිරිවත් නෑනෙ කුකී 🥺" ටේ කිව්වෙ චූටි බබාගෙ පුංචි බණ්ඩිය කෑගහන්න ගත්ත නිසයි.

"මං ටක්ගාලා අරන් එන්නං.මෙයාව ගන්නකො.... තව bottle එකකුත් ඕනි නේද?" ජන්කුක් කෝට් එක දාගෙන යන්න ලෑස්තිවෙන ගමන්ම ඇහුවා.

"ඔව් කුකී අරන් එන්නකො" ටේ බබාව හුරතල් කරන ගමන් කිව්වෙ නැත්තං එයා අඬන නිසා.

ටික වෙලාවකින් පස්සෙ ලොකු කිරිපිටි පෙට්ටියක් එක්ක milk bottle එකකුත් උස්සගෙන ජන්කුක් ආවා.

ටේ ඉක්මණින්ම බෝතලේ උණු වතුරෙන් තම්බලා ගත්තෙ සේරි නම්ජින්ලගෙ බබාලටත් දුන්නෙ ඒ විදියටයි කියලා මතක් වුණු නිසා.

මද රස්නෙන් කිරි එකක් හදාගෙන බෝතලේ දාපු ටේ බබාව අතට අරගෙන එයාට ටික ටික පොවන්න ගත්තා.

ටේ ආදරෙන් බබාට කිරි පොවන දිහා ජන්කුක් බලන් හිටියෙ හරිම ආදරෙන්.

ටේ ආදරෙන් බබාට කිරි පොවන දිහා ජන්කුක් බලන් හිටියෙ හරිම ආදරෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now