අර වැඩේ ලෑස්තිද?"
"ම්ම්... ලෑස්තී hyung..."
...............................එතැන්සිට...........................
ජන්කුක් වෙනදා වගේම කිසි වෙනසක් පෙන්නන්නෙ නැතුව ගෙදරට ආවා.
වොශ් එකක් එහෙම දාගෙන ඩිනර් එක ගත්තු ජන්කුක් ටේහ්‍යුන්ව තුරුල් කරගෙන නින්දට ගියේ හෙට දවස ගැන බලාපොරොත්තු ගොඩක් තියාගෙන....
The next day
"Good Morning මැණික..." ටේහ්‍යුන්ගෙ නළලෙන් පුංචි හාදුවක් තවරන ගමන්ම ජන්කුක් කිව්වා.
"Good morning koo මොකෝ අද කුකුළත් අතේ අරන් නැඟිටලා? ඊයේ රෑ ඔලුවවත් කොහෙහරි වැදුණද?" ජන්කුක්ගෙ නින්ද ගැන දන්න ටේහ්‍යුන් ජන්කුක්ට විහිළු කළා.
"යැයි යැයි තමා 😑 මට බඩගිනී හලෝ 🥺" ජන්කුක් හුරතල් විදියට මූණත් හදාගෙන ටේහ්‍යුන්ට කිව්වා.
"හරි හරි මං උයන්නංකෝ. හැබැයි ප්‍රින්සස් ඇහැරුණාම බලාගන්න හොඳේ" එහෙම කියන ගමන් ටේහ්‍යුන් ඇඳෙන් නැඟිට්ටා.
"ඒවා හරි" කියනගමන් ජන්කුක් ටේහ්‍යුන් ළඟට ගිහින් එයාගේ තොල් තමන්ගෙ අයිතියට ගත්තා.
ටික වෙලාවකට පස්සේ ටේගෙ තොල් අතෑරපු ජන්කුක් "කෝ කෝ උයන්න යන්න ඉතින්.." කියන ගනන් ටේහ්‍යුන්ව කිචන් එකට යැව්වා.
ජන්කුක්ගේ මේ අමුතු හැසිරීම ටේහ්‍යුන්ට පොඩි අවුලක් වුණත් එයා ඒ ගැන වැඩිය හිතන්න ගියෙ නෑ.
ටික වෙලාවකට පස්සෙ යුරීව වඩාගෙන ආපු ජන්කුක් TV එක බලන්න ගත්තා.
ටික වෙලාවකින් උණු උණු breakfast එකත් අරගෙන ටේහ්‍යුනුත් එයාලට එහාපැත්තෙන් වාඩිවුණා.
"පට්ට රහයි ඈ" ජන්කුක් කෑමටිකට වැඩේ දෙන්න වැඩිවෙලාවක් ගියෙ නෑ.
ටික වෙලාවකින් ජන්කුක් පුරුදු විදියටම ලෑස්තිවෙලා වැඩට ගියත් එදා මොකක්හරි අමුත්තක් තිබුණ බව ටේහ්‍යුන්ට දැනුණා.
පුරුදු විදියටම ටේහ්‍යුන් යුරී වගේම ගෙදර වැඩත් එක්ක කාර්‍යබහුල වෙද්දි එයාට වෙලාව යනවා දැනුණෙවත් නෑ.
YOU ARE READING
Only Bunny's 🐯 (Taekook-completed)
FanfictionA Story About two lovers who found the warmth they looked for in each other's embrace 🍂❤️ ___________________________________________ Boy×Boy Ship story Start- 2022.01.22 End- 2023.02.14 Top-kook Bottom-Tae 🐰🐯 Side-Namjin 🐑🐨 Yoonmin 🐱...