The Storm

372 70 18
                                    

"ජි-ජිනී.." නම්ජූන්ට තවදුරටත් කතා කරගන්න පුළුවන් උනේ නෑ...

නම්ජූන්ගෙ සිහිසුන් සිරුර ජින්ගෙ ඇඟට කඩාවැටුණෙ ඇහිපිය ගහන වේගෙන්...

.............................එතැන්සිට.............................

"ජ්-ජූන්... ඇස් අරින්නකො මැණික... අනේ... මට මෙයාව ගෙනියන්න උදව් කරන්නකෝ.. කුකී!!" ජින්ගෙ කෑගැහිල්ලට හරි සිහියට ආපු ජන්කුක් ජින් ගාවට ගිහින් නම්ජූන්ව උස්සන්න උදව් කරා.

නම්ජූන් වටේම මුළු ස්ටාෆ් එකම වටවුණේ එයාලා හැමෝම නම්ජූන්ගෙ හදිසි වෙනස නිසා බයවෙලයි.

විනාඩි කිහිපයක් යනකොට නම්ජූන් අමාරුවෙන් ඇස් ඇරියා....

"ජ්-ජි-ජිනී...." නම්ජූන් අඬාගෙනම ජින්ට තුරුලුවුණේ පොඩි දරුවෙක් වගේ.

"ශ්...ශ්... මැණික අඬන්නෙපා.... කෝ... මගෙ දිහා බලන්න... කෝ ඉතින්... හරි, දැන් කියන්න බලන්න මොකද උනේ.... ම්ම්ම්?"

ජින්ගෙ මෘදු වචන වලට අවනත උනු නම්ජූන් ඉකිගැහිල්ලත්, ඇඬිල්ලත් නවත්තලා ජින් දිහා බැලුවා...

"ජිනී....ම්-මගෙ, මගෙ අ-අප්පා.."

නම්ජූන්ට තවදුරටත් එයාගෙ ඇඬීම පාලනය කරන්න බැරිඋනා....

"අප්පා...? ඇයි හ්‍යුන්...? අප්පට මොනාද උනේ? කියන්නකො?"
ජන්කුක් කලබලෙන් ඇහුවත් ජින් එයාව නැවැත්තුවෙ නම්ජූන්ව පෙන්නමින්..

"අප්පා අපිව දාලා ගිහින් ජිනී!!!! අප්පා මේ ලෝකෙන් යන්නම ගිහින්!!!!" නම්ජූන් එයාට පුලුවන් උපරිම සද්දෙන් කෑගැහුවා.

එකපාරටම මුළු ලෝකෙම නිහඬ උනා වගෙයි හැමෝටම දැණුනෙ... ඒ නිහඬ බව බින්දෙ නම්ජූන්ගෙ ඉකිගැසීම විතරයි.

"අප්පා අපිව දාලා ගිහින් ජිනී!!!! අප්පා මේ ලෝකෙන් යන්නම ගිහින්!!!!" ජින්ගෙ ඔලුව පුරාම සැරිසැරුවෙ මේ වාක්‍ය දෙක විතරයි...

"අප්පා අපිව දාලා ගිහින් ජිනී!!!! අප්පා මේ ලෝකෙන් යන්නම ගිහින්!!!!" මේ වචන ජන්කුක්ගෙ ඔලුව පුරාම දෝංකාර දෙද්දි ජන්කුක් කළේ පිළිමයක් වගේ ඔහේ හිටගෙන ඇස් දෙකෙන් ගලන කඳුලුවලට ඔහේ යන්න දීපු එක විතරයි.

මේ සිද්ධිය බලන් හිටපු ස්ටාෆ් එකටත් ඊට එහා දෙයක් කරන්න බැරිඋනා.

මොකද ඒ හැමෝම හිටියෙ පවුලක් වගේ, එකට... සේජින් කවදාවත් ස්ටාෆ් එකේ අයට නරකට සැලකුවෙ නෑ.... කම්පැණිය වැටෙද්දි, තමන්ගෙ ගැනවත් නොහිතා එයා වැඩකලා, දුක් උනා, සතුටු උනා.. ඒ නිසාම වෙන්නැති වටපිටාවටත් ඒක දරාගන්න බැරිවුනේ....

ජන්කුක්ට කරන්නෙ මොනවද කියන්න හිතාගන්න බැරිඋනා... එයාගෙ හිතේ වැඩකළේ එකම දෙයයි. ඒ, මට මගෙ ඒ තාත්තත් නැතිඋනා කියන එකයි.පොඩිකාලෙදිම අම්මා තාත්තගෙ සෙනෙහස නැතිඋනු ජන්කුක්ට සේජින් මැරුණු බව විශ්වාස කරගන්නවත් බැරිඋනා.

නම්ජූන්ගෙ තත්වෙ ඊට වඩා වෙනස් උනේ නෑ.

නම්ජූන්ගෙ ඔලුව පුරාම දිව්වෙ නම්ජූන් පොඩිකාලෙ ඉඳන් අද වෙනකන් එයාගෙ තාත්තත් එක්ක එයාට තිබුණු මතක... අඬපුවා, හිනාවුනු ඒවා, නටපුවා... බොරුවට අම්මව අවුස්සලා දෙන්නම අහපු බැනුම්... ටේයි එයයි රණ්ඩුවෙද්දි රණ්ඩු බේරපු හැටි,ජින්ගෙයි එයාගෙයි සම්බන්ධෙ ගැන දැනගත්තාම එයා සතුටු උනු විදිය, කවදාවත් අඬනවා නොදැකපු අප්පා එයාගෙ වෙඩින් එක දවසෙ එයාවයි ජින්වයි බදාගෙන අඬපු හැටි........

ඇස් දෙකෙන් ගලාගෙන යන කඳුලු පිහදැම්මට වැඩක් නැති බව දැන දැනත් කඳුලු පිහිදපු ජින් නම්ජූන්වත් වාරු කරන් නැඟිට්ටා.

"අපි යමු... ගෙදරද? හොස්පිට්ල් ද ජූන්..?"

"හොස්පිට්ල්........."

Author's note
හායි 🌚 ඕං අද ඩබල් අප්ඩේට් 😌🖤 කලින් දවස්වල නොදුන්න නිසා 😌❤️ කමෙන්ට් එකක් දැම්මොත් මං තරහ නෑ 🙄 කමෙන්ට් එකක් කියලා මහාලොකු ඒවා එපා... හාට් එකක් 🖤 දාන් යන්න.. 🥺 (මේක හොඳනම්) ඒ ඇති. මේ චැප්ටර් එක දැණුනද ඔයාලට?

Enjoy
Nuuni_Nim ❤️

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now