💜️💜️....Dear Hearts...💜️💜️
🥀🥀 ....ආදරණීය හදවත්....🥀🥀..........................................................................................................
🗣️හරි, ඔයාලා එක එක්කෙනා පොත් ගේන්න.
පංතියට ආ ගණිත ගුරුවරයා, එසේ සිසුන් හට කිව්වා, වාඩි වී සිටි පිලිවෙලින් ලමුන් ගොස් සිය පොත් ගුරුවරයාට පෙන්නුවා. තම වාරය ලන් වූ නිසාවෙන් ජෙනී නැගිට ගිය පසු ලීසා සිය පොත පෙරලා බලන්නට උනා.
🌺 මේ....මේ මොකද මේ....
😨😨
ලීසා එක් වරම එසේ තිගැස්සී ගියේ තමා අපහසුවෙන් කල ගෙදර වැඩ සහිත පිටු කවුරුන් හෝ ඉරා දමා ඇති වගක් පෙනුන නිසයි. ජෙනී පොත් පෙන්වා ඇවිත් ඉඳ ගත්තත් ලීසාට පොත පෙන්වීමට යාම සිදු කල නොහැකි උනා.🗣️කෝ ඊලඟ...
ගුරුවරයා එසේ කියද්දී ඔහු දෙස ලීසා බැලුවේ කලබල ස්වභාවයකින්.
🦋 ඒයී ලීසා, දැන් ඔයා.
🌺 අනේ ජෙනී...
🦋ඇයි මොකද උනේ?
🗣️ඔතන මොකද්ද කතාව?
පොතගේන්න නේද කිව්වේ?ගුරුවරයා එසේ කියද්දී, ලීසා පැකිලෙමින් නැගිටවිත් පොත ගුරුවරයා වෙත ගෙනිච්චා.
🌺 සර්,,,
🗣️ඇයි මොකද කරේ නැද්ද?
🌺 මම කරා සර්,..
🗣️කෝ පොත දෙන්න
🌺 සර් ඒත්...
කවුරු හරි මගේ පොතේ පිටු ඉරලා දාලා.🗣️මොකක්?
ඒ මොන කතාවක්ද ඒ?🌺 මන් කියන්නේ ඇත්ත සර්... මන්...
🗣️නවත්තගන්නවා ඔය බොරු... ගෙදර වැඩ නොකර ඇවිත් පොතේ පිටු ටිකක් ඉරා ගත්තා.... එහෙමනේ?
🌺 අනේ නෑ සර්... මන්.
🗣️යනවා පංතියෙන් එලියට
උස් ස්වරයෙන් ගුරුවරයා එසේ කියද්දී, සිය මිතුරියන් දෙස දුකින් බැලූ ලීසා පංතියෙන් පිටතට ආවා. ඇය එහි බිත්තියකට හේත්තු වී පොත සිය පපුවට තුරුල් කරන්, දිග හුස්මක් පිට කලේ දෑස්ද අඩවන් කරන්.
💜️ ඒ, මචන් මේ බලන්කෝ මේ.... 😂
ලීසා කටහඩක් ඇසී දෑස් ඇර බැලූ කල දැක්කේ JK ත්, V ත්, සුගා හා ජිමින්ද එහි සිටීමයි
YOU ARE READING
💜️ Dear Hearts 💜 || JJK || BTS
Teen Fiction____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...