💜️......Dear Hearts.....💜️
🥀🥀.....ආදරණීය හදවත්....🥀🥀💜️ අද ජිනා මොකද නැත්තේ?
🧡 ඌ දැන් එයි.
උදෑසන, පාසලට B7 කණ්ඩායම පැමිණියත් ජින් ඔව්න් හා ආවේ නෑ. මද මොහොතකට පසු, ජින් කැබ් රථයකින්, පාසලට ආවේය. රියෙන් බැස පාසල් ගොඩ නැගිල්ලට ජින් ඇතුල් වෙත්ම තරුණියන් ඔහු වටේ රොක් උනි. නමුත් ඔව්න්ව ගනන් නොගත් ජින්, පෞද්ගලික පංති කාමරය වෙත පිය මැන්නේය. කාමරය අසලටම ආ ජින් එක් වරම දුටුවේ පෙර දිනක තමාගෙන් දුරකතනය ඉල්ලූ තරුණිය ජීසුවයි.
ඇයව දැක පුදුම වූ ජින්, දෑස් ලොකු කර ඇය දෙස බලා උන්නේය. ජින්ව දැක ජීසුද සිනා සී හින නමා ඔහුට ආචාර කලේය. මොහොතක් ඇය දෙස බලා උන් ජින් , ජීසු හා කතා නොකරම නික්මුනි.
🌻 සොරි සියොක්, ඊයේ තාත්තා මන් ලඟමයි හිටියේ.
ඒ නිසා මට එතනින් නැගිටලා ගිහින් ඔයාගේ කෝල්ස් ආන්සර් කරන්නබැරි උනා.💙 ඒකට කමක් නෑ වෙන්ඩි.
🌻 ඔයා එ තරම් කෝල්ස් ගත්තේ?
💙 ඔයාට ඒක කරදරයක් උනාද?
🌻 අනේ එහෙම නෑ සියොක්...
💙 කොහොම උනත් ඔයා ඉතින් සුගා එක්ක ඉද්දි මට ටිකක් ඉරිසියා හිතුනා.
සියොක් ලැජ්ජාවෙන් මෙන් එසේ කියද්දී, වෙන්ඩිගේ මුහුණේ රැඳුනේ හිනාවක්. ඇය සියොක්ගේ කම්බුල් වලින් අල්ලා මිරිකන්න උනා.
🌻 අනේ මගේ චූටි පැටියා... ඉරිසියා හිතෙන්නත් අරන්
💜️ මොකො මොකො මේ අපේ කොල්ලගේ කම්බුල් කඩන්න හදන්නේ?
සියොක් හා වෙන්ඩි උන් තැනට ආවේ JK හා අනෙක් මිතුරන් පිරිසයි. B7 කණ්ඩායමට ඔව්න්ගෙන් පසු වඩාත්ම සමීප කෙනා උනේ වෙන්ඩි. කාටත් අකමැති JK පවා ඇය හා සුහද උනා. එහෙයින් පාසලේ දී වෙන්ඩිටත් ඉහල පිලිගැන්මක් ලැබුන. ඔව්න් වෙන්ඩිව හැඳින්වූවේ වාසනාවන්තම තරුණියක ලෙසයි.
..........................................................................................................🦋 අනේ අපි ෆොටෝ එකක් ගහමුද?
🌺 අහ් මගේ ෆෝන් එකෙන් ගහමු.
🦋 ජීසූ එන්න...
ජෙනීත්,ලීසාත්,ජීසුත් එක් වී ඡායාරූපයක් ගත්තා.
ESTÁS LEYENDO
💜️ Dear Hearts 💜 || JJK || BTS
Novela Juvenil____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...