🍁 26 කොටස 🍁

33 11 10
                                    

💜️💜️.....Dear Hearts....💜️💜️
     🥀🥀......ආදරණීය හදවත්.....🥀🥀


💙 මි...මිස්ටර් හොන්?

👤 කොහොමද ඉලංදාරියා..

            නිවසේ දොරට තට්ටු කල පුද්ගලයා අන් කිසිවෙකු නොව, වෙන්ඩිගේ පියා බැව් දුටු සියොක් පුදුමයට පත් උනි.

💙 එ...එන්න සර් ඇතුලට,

👤 අවශ්‍යා නැ. මන් ආවේ තමුන්ට දෙයක් දීලා යන්න.

💙 දී...දීලා?
මොකද්ද ?

              සියොක් එසේ ඇසුවේ පුදුමයෙන් ය.. සියොක් දෙස බලා සමච්චලයට මෙන් සිනා සුන හොන් සිය පිටුපසින් සිටි සේවකයා හට ඉඟි කරන්නට විය. පසුව ඒ සේවකයා සියොක් වෙත දිගු කලේ,ලියුම් කවරයක යෙදූ යමකි. එය දිග හැරබැලූ සියොක් ගේ මුහුන පුදුමයෙන් ඇලලුනී

👤 දඬුවම

💙 අහ්?
ම...මට තේරුනේ නෑ සර්,

👤 ඕක මගේ දුවගේ එන්ගේජ්මන්ට් එකට තමුන්ට ඉන්වයිට් කරන කාඩ් එක. ඒත් ඕක සුහද ආරාදනයක් නෙමෙයි. ඕක තමුසෙ කරපු වරදට දඬුවම
මගේ දුව එක්ක සම්බන්දයක් පැවැත්වීමේ වරදට දඬුවම

                හොන් එසේ කියා සියොක් දෙස බලන්නට උනි. හොන්ගෙ මුවින් පිටවන තියුනු වචන සියොක්ගෙ සිත පාරවන්නට උනි. නමුදු සිය හදෙහි ඇති ආදරයේ ශක්තිමත් බව නිසාම කෙලින් සිටීමට සියොක් ට හැකි විය.

💙මම ඔයාගේ දුවට අවංකවම ගොඩක් ආදරේ කරා සර්. කරා නෙමෙයි කරනවා. එදත් අදත් හෙටත් මැරෙන තුරාවටත්...

👤 තමුන්....

💙 සර්, සර් දකින්නේ මගෙ ආදරේ වරදක් විදියට නම්, කමක් නෑ මන් මේ දඬුවම විඳින්නම්. මන් අනිවාර්යයෙන් එනවා සර්, හෙට එනවා.

( A/N - අන්න එහෙමනේ කොල්ලො උනාම ඉන්න ඕන.කොල්ලො උනත් කෙල්ලො උනත් එච්චර තමා ඇ.ඕවා හොඳ  ආදර්ශ.හුම් 🙂✋)
            
සියොක් එසේ කියද්දී ඔහු දෙස තරහින් බැලූ හොන් එතැනින් නික්ම යන්නට උනි.

          කෙසේ හෝ පසු දින මිතුරන් සියල්ල සුගාගේත් වෙන්ඩිගේ ගේත් ගිවිස ගැනීමේ උත්සවයට සහභාගී උනි. නමුදු ඔව්න් එක් අයෙකුගේවත් සිතෙහි සතුටක් නොවීය.

 💜️ Dear Hearts 💜 || JJK || BTS Where stories live. Discover now