💜️💜️....Dear Hearts...💜️💜️
🥀🥀......ආදරණීය හදවත්....🥀🥀🌷 අනේ.... ජෙනී....
පාසල් කොරිඩෝව දිගේ ඉදිරියට එන ජෙනී දුටු ජීසූ ඇගේ පෙරමගට දිව ආවා.ජිහයෝත් චේයොන්ග් ත් ජීසූ පසුපස ජෙනී අසලට ආවා.ජීසූ ජෙනීව වැලඳගත්තේ ඇය කෙරෙහි අනුකම්පාවෙන්.
🌷 අපිට ලීසා හැමදේම කිව්වා ජෙනී
අනේ ඔයා දුක් වෙන්න එපා හරිද?🌼 ඔව් ජෙනී. ඔය පිස්සෝ දන්නේ, ඔය වගේ නරක වැඩමයි.
🌸දැන් ඕවා අමතක කරන්න ජෙනී. ඔයා ස්කූල් ආව එක හොඳයි.
🦋මන් දුක් වෙන්නේ නෑ චේයොන්ග් . ඔයාලා ලීසා ,කිව්ව දේවල් ඇහුවා නම් මට මෙහෙම වෙන්නේ නෑ. දැන් උන දේ වෙලා ඉවරනේ. මට ඔයාලාඉන්නවනේ ඒ ඇති. 🙂
හැමදේම අමතක කිරීමට වෙර දැරූ ජෙනී එසේ කීවා.
🦋 කෝ ලීසා,
🌸 අද ප්‍රින්සිපල් සර් නෑනේ, අර JEON සමුලුව නිසා.
එයා බස් එකේ වෙන්න ඇති එන්නේ.🌺 කවුරු ගැනද ඔය කතා වෙන්නේ.
මිතුරියන් හට නොපෙනීම ලීසා ඔව්න් අසලට ඇවිත් තිබ්බා. ජෙනී ලීසා දෙස බලද්දී, ජෙනී හා සිනා සුන ලීසා ඇයව වැලඳගත්තා.
🌺 හොඳ කෙල්ල...
ඔන්න ඔහොම තමා ඉන්න ඕනා.ලීසා එසේ කීවේ, ජෙනීගේ හිත සනසන්නයි. ඒ මොහොතේම කොරිඩෝව දිගේ ලමුන් කෑ ගසමින් දුව ගියා. ඒ B7 පැමිණීම නිසා බැව් හඳුනා ගැනීමට ලීසාටත්, මිතුරියන්ටත් අපහසු උනේ නෑ.
🦋 සාරා, එයා එනවා අපි යමුද?
V ගේ මුහුණ බැලීමට තරම් ශක්තියක් නැතැයි හැගුන හෙයින් ජෙනී එසේ කීවා.
🌺 නෑ ජෙනී, පැනලා යන්න ඕනා එයා. ඔයා නෙමෙයි.
එයානේ වරද කරේ. ඔයා බයගුල්ලෙක් නොවී හැමදේටම මුහුණ දෙන්න.ලීසා එසේ කියා ජෙනීගේ, අත තදින් අල්ලා ගත්තා.චේයොන්ග් , ජීසු හා ජෙනීද ඔව්න් අසලින්ම රැඳුනේ මිතුරියන් තනි නොකරමින්. ඔව්න් කොරිඩෝව මැද එසේ සිටගෙන ඉද්දී පාසලට ඇතුල් උන B7 කණ්ඩායම කොරිඩෝව දිගේ ඉස්සරහට ආවා.
YOU ARE READING
💜️ Dear Hearts 💜 || JJK || BTS
Teen Fiction____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...