🍁 25 කොටස 🍁

41 11 6
                                    

💜️💜️.....Dear Hearts....💜️💜️
     🥀🥀......ආදරණීය හදවත්.....🥀🥀


පසුදින පාසලේ තත්වය අමුතු එකක් විය. ලමුන් තැන තැන දුරකතන වලට එබී කසුකුසු හඬ නන්වන්නට උනි. නමුදු ඒ පිලිබඳ ලීසාටවත්, ජිහයෝටවත් ජීසුටවත් චේයොන්ග් ටවත් වැටහුමක් නොවීය.

🌷 මොකක් හරි වෙලාවගේ නේද, හැමෝම මොනා මොනා ගැන හරි කතා වෙනවා.

🌺 මේක ඉතින් කොහොමත් අමුතු  ස්කෝලයක්නේ. මේකේ වෙන්නෙම අමුතු වැඩ. ඉන්න ලමයිනුත් ඒ වගේ.

🌸 ඒක නම් ඇත්ත තමයි 😁

🌼 කෝ අනේ ජෙනී තාම...
අහ් ඔය එන්නේ දුවගෙනම.

            ජිහයෝ  එසේ කියද්දී ජෙනී දුවගෙන මිතුරියන් අතරට ආවත් ඇගේ මුහුනෙන් දිස් උනේ කලබල ගතියකි.

🦋 දන්නවද  අලුත් ආරංචිය?

🌷මොකද්ද

🌺 ලමයි කතාවෙන්නෙත් ඔයා ඔය කියන එක ගැනද?

🦋 වෙන්න ඇති. මේ බලන්න

      ජෙනී එසේ කියමින් ලීසා අතට සිය දුරකතනය දුන්නේය. අනෙක් මිතුරියන් ද එදෙස බලන්නට වුවාය.

🌹ව්‍යාපාරික ලෝකයේ බලවතුන් වන පාර්ක් හොන් ගෙ දියනිය පාර්ක් වෙන්ඩී හා, මින් ගේ පුත් min yoongi දින දෙකකින් විවාහ ගිවිස ගැනීමේ සුදානමක.

🌷 දෙවියනේ මේ මොකද්ද අනේ මේ වෙන්නේ.

              සියල්ලන්ටම එය පුදුමයට කරුණක් වෙද්දී ජිහයෝට එය වේදනා බර කරුණක් වූයේ හිත යට සැඟව ඇති හැගීමක් නිසාවෙනි. ඇයත් නොදැනිම ඇගේ නෙතු කඳුලින් පිරී ගියාය.

🦋 මන් හිතන්නේ මොකක් හරි අව්ලක් වෙලා. නැත්තන් ගෙවල් වලින් බිස්නස් එකක් නිසා ඉක්මනින් මේක කරනවා.

🌸 ඒ මොනා උනත් වෙන්න යන්නේ හොඳ දෙයක් නෙමෙයි. දන්නවනේ සියොක් වෙන්ඩි දෙන්නා කොච්චර ආදරෙන් ඉන්න දෙන්නෙක්ද?

🌷 ඇයි සුගා..., එයත් හරිම හොඳයි. දගකාර උනත් හිත හොඳයි.

🦋 ම්ම්ම් එයාට වෙන්ඩිව කවදා හරි මැරි කරන්නම වෙයි මේ යන විදියට.

            ලියා එසෙ කියද්දී කඳුලු තවත් පාලනය කරගත නොහැකි වූ ජිහයෝ හඩමින් එතැනිම් දිව ගියාය.

 💜️ Dear Hearts 💜 || JJK || BTS Dove le storie prendono vita. Scoprilo ora