💜️💜️.....Dear Hearts....💜️💜️
🥀🥀 ......ආදරණීය හදවත්....🥀🥀🌷 ජි....ජින්?
💛 සාරාගෙ ගෙදර යන ගමන්ද?
ජින් එක් වර එසේ අහද්දී ජීසු බිම බලා ගත්තා. පසු ජිනුත් ජීසුත් මාර්ගය දිගේ සෙමින් ඉදිරියට ඇදුනා.
💛 ඔයා නැතුව ගෙදර පාලුයි.
🌷 ඔයා කවදාවත් ඔහොම කතා කරලා නෑ. ඒ නිසා මට ඒක අමුතුයි.
💛 අමුතු උනත් ඒකට එපා කියන්න එපා. මට අද කතා කරන්න දෙන්න.
🌷 කතා කරන්න. මම අහන් ඉන්නේ,
ජීසු එසේ කියද්දී ජින් නතර උනා. ජීසු දනැවතී ජින්දෙස බැලුවා.
💛 ගෙදරම පාලුයි. ඔයා ඒ ගෙදර නැති උනාම ඒ තරම් පාලුවක් දැනෙන්නේ ඇයි කියලා මන් දන්නේ නෑ. ජීසු මට ඔයාට කියන්න ඕන උනේ.... මන්., මන්., ඔයාට ආදරේ කරනවා.
ජින් එසේ කියද්දී ජීසු පුදුමයෙන් මෙන් ජින් දෙස බැලුවා. ජින්ගේ ආදරය ප්‍රතික්ෂේප කිරීමට ජීසු ට කරුනක් තිබ්බේ නෑ.මොකද ජීසු ගේ හිතෙත් ජින් ගැන හැගීමක් තිබ්බා. නමුදු ඇගේ හිතට වද දුන් එක කරුණක් තිබ්බා.
🌷 ඔයාගේ ආදරේ ප්‍රතික්ෂේප කරන්න මට ඕන නෑ. මොකද ඔයා තරම් මාත් ඔයාට කැමතියි.
ජීසු එසේ කියද්දී ජින්ගේ මුහුනේ කලාතුරකින් ඇදෙන හිනාවක් රැඳුනා.
🌷 ඒත්..,
ජීසු එක් වර එසේ කියද්දී, ජින්ගේ මුහුනේ හිනාව නැතිව ගොස් ඇති උනෙ කුතුහලයක්.
💛 ඒත්? ඇයි ඒත්?
🌷 මට ඔයාට මුලු ලෝකෙටම රහසින් ලන් වෙලා ඉන්න බෑ. මෙච්චර කාලයක්ම මන් ඔයාගේ ගෙදර හිටියා , ඔයාව ආශ්‍රය කරා. ඒත් ඒ ඔක්කොම හැමෝටම රහසක්. ඔයා හැමෝටම පේන්න මාත් එක්ක කතා කරන්නවත් කැමති නෑ. එහෙම එකේ....,
💛 ජීසු , ඒ කලින් ඒත් මන් ඔයාට ආදරෙයි. මට පුලුවන් හැමෝටම ඇහෙන්න ඒක කියන්න...
🌷 එහෙනම් කියන්න...,
එදාට අපි ආයේ කතා කරමු.ජීසු එහෙම කියලා මදක් හිස පහත් කොට මාර්ගය ඔස්සෙ ඉදිරියට ඇදුනා. ඇය එසේ යන දෙස ජින් බලා උන්නේ හිස් බවකින්.
DU LIEST GERADE
💜️ Dear Hearts 💜 || JJK || BTS
Jugendliteratur____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...