🍁24 කොටස 🍁

44 10 7
                                    

💜️💜️.....Dear Hearts....💜️💜️
🥀🥀......ආදරණීය හදවත්.....

🤵 OK, මිස්ටර් පාර්ක්,
ඔව් මට පුලුවන්. මන් මේක ගැබ බෝඩ් එකත් එක්ක කතා කරන්නම්, හරි....,

නගරයේ විශාල හෝටලයකට බිස්නස් කටයුත්තක් සඳහා අයෙකු හමුවීමට පැමිණි, මින්සුක් ඒ කාර්‍ය නිම කල හෝටලයෙන් පිටවීමට ආවා. ඔහු එන අතරේ තවත් ව්‍යාපාරික ඇමතුමක් ගත් අතර, මින්සුක් ට ඒ ඇමතුම නිම කිරීමට නොහැකිව ගොලු උනේ ඔහු දුටු දෙයිනි.

💙 ඔන්න, මූනෙත් ගෑවිලා.

🌻 අනේ සියොක් ඔයා හරිම නරකයි.

💙 කෝ ඉන්න ඉන්න, මන් පිහිදාන්න.
කෝ ඉතින් දගලන්නැතුව ඉන්නකෝ බබා.

ඉතා ආදරෙන් හෝටලයේ මේසයක් අසල අසුන් ගෙන උන් සියොක් හා, වෙන්ඩි දැක මින්සුක් කලබල සේම පුදුමයටද පත් උනා. මින්සුක් පෙර සිටම කිහිප වතාවක් සියොක් හා වෙන්ඩි ගැන සැක කලද අද එය සනාථ වූවාක් මෙන්, මින්සුක් ට දැනෙන්න විය.

🤵මොකද්ද මෙතන වෙන්නේ ,

💙 ත...තාත්තා,...

🤵 මේ ලමයව කැබ් එකකට දාලා දැන්ම එනවා මාත් එක්ක.

🌻 අන්කල් අපි මේ ..,

🤵 ඔයාගේ තාත්තා ගැන අපිටත් වඩා දන්නේ ඔයානේ වෙන්ඩි..., ඒ වගේම YOONGI ගේ තාත්තා, මින් ගැනත් දන්නවා නේද? මේවා දැන ගත්තොත් ඔය දෙන්නම අමාරුවේ. කියපු විදියට කරනවා සියොක්.

මින්සුක් දැඩි ස්වරයෙන් එසේ කියා හෝටලයෙන් පිටතට ආවේය. තම පියා කේන්ති නොගන්නා සාමකාමී මිනිසෙකු වුවත් ඔහුගේ හිතේ අද කේන්තියක් හටගෙන ඇති බැව්, සියොක් ට පෙනී ගියේය. ඔහු වෙන්ඩි හා හෝටලයෙන් පිටතට විත්, වෙන්ඩිව කැබ් රියක නගවා පිටත් කර, මින්සුක් සමඟින් නික්ම එන්නට උනි.
.........................................................................................................

💚 " වෙන්ඩිවයි මාවයි, තාත්තා දැක්කා. එයා මාව ගෙදරටම කොටු කරලා කොහෙවත් යන්න තහනම් "

මිතුරන් සමග වුන් V හදිසියේම සියොක්ගෙන් ආ කෙටි පණිවිඩය සියල්ලන්ට ඇසෙන පරිදි කියවන්නට විය.

🖤 අප්පටසිරි , මොකද්ද බන් ඒ උනේ...,

🧡 ඉවරයි...

 💜️ Dear Hearts 💜 || JJK || BTS Where stories live. Discover now