💜️💜️.....Dear Hearts....💜️💜️
🥀🥀 ......ආදරණීය හදවත්....🥀🥀අලුයමින් අවදි වූ ජින් දෑස් පොඩි කරමින්,ඈනුම් අරිමින් නැගිට්ටා. ඔහු එක් වරම වට පිට බලන්න උනේ කාමරයේ, නුහුරු බව නිසයි. සැනින් තමා සිටින්නේ තමාගේ කාමරය තුල නොවන වගත්, එය තමා විසින් ජීසුට දුන් කාමරය බවත් ජින්වටහා ගත්තා. පෙර දා රැයේ මිතුරන් හා විනෝද වූ අයුරු එක් වර සිහි වීමෙන් කලබල වූ ජින් ඉක්මනින් කාමරයෙන් පිටතට ආවා. ඔහු සැනින් දුටුවේ පුටුව මත නිදා සිටින ජීසුවයි.
ඔහු ජීසු දෙස බලා, ඇය වෙතට මදක් සමීප උනි. ඇය පෙරවා උන් පෙරෝනය එහෙ මෙහේ වී ඇති බව දුටු ජින් එය හරි ගස්වා පඩිපෙල නැග සිය කාමරයට ගියේ ය.
..........................................................................................................🌺 තාත්තා මන්....
ඒයි තාත්තා, කෝ ඔයා ලෑස්ති නැද්ද?සූදානම්ව පහල මහලට ආ ලීසා, පියා හා පාසලට යාමට සැරසුනත් යුංජේ සුදානම් ව සිටියේ නැ.
👱 මන් ඒ ස්කෝලේ ප්‍රින්සිපල් නේ මගේ දුවේ....
🌺 ආ, එහෙමද ප්‍රින්සිපල් මහත්තයා ,ඒ කියන්නේ මන් අද බස් එකේ?
👱 කැබ් එකක් දාන් යන්න.
🌺 අනේ තාත්තා, අඩුගානට යන්න බස් තියෙද්දී මොකටද කැබ්. මේ දේවල් හම්බෙන්න කලින්, පරණ ගෙදර ඉද්දි මන් ආවේ ගියේ බස් එකේනේ.
👱 අම්මොහ්. හරි හරි මුරණ්ඩු කෙල්ල. පරිස්සමෙන් යන්න. ඔයාව එද්දී ගේන්න පුලුවන් මට.
🌺 හරි තාත්තා බායි
යුංජේ ගේ කම්බුලක් සිප ලීසා නිවසින් නික්මුනි. සැබවින්ම ඇය පියා හා කාරයේ යාමට වඩා බස් එකේ යාමට ප්‍රිය උනේ, ඇය සැමවිටම සාමාන්‍ය දිවි පෙවෙතක් ප්‍රිය කල නිසයි.
නිවසින් නික්ම මාර්ගයට පිවිසි ලීසා බස් නැවතුම වෙත ආවා. බසයක් එනතුරු බලා උන් ඇයගේ හිතට දැනුනේ අමුතුම ප්‍රබෝදයක්. නමුදු එක් වරම, ලීසා ඉදිරියෙහි කැබ් රථයක් නතර උනි. (ඔව් ඔව් අර හාදය )
🔥 හායී....
ජනේලයෙන් එබී තරුණයෙකු ලීසා හා කතා කලේය. ඔහු දෙස අවදානයෙන් බැලූ ලීසාට ඔහුව හඳුන ගත හැකි උනි. එනම් ඔහු පෙර දින අලුතෙන් පාසලට ආ, ලීසාගේ පංතියෙහිම වන පිරිමි ලමයායි.
YOU ARE READING
💜️ Dear Hearts 💜 || JJK || BTS
Teen Fiction____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...