🍁 20 කොටස 🍁

50 7 17
                                    

💜️💜️.....Dear Hearts....💜️💜️
     🥀🥀......ආදරණීය හදවත්.....🥀🥀

පසුදින වෙන්ඩිගේ උපන්දින සාදයට සියල්ලන් සුදානම් විය.

🌷 හෙලෝව්, කියන්න ලීසා.
අනේ... මට තව වෙලා යනවනේ. කමක් නෑ. ඔයාලා යන්න මම එන්නම්.

                ජීසු තවමත් සුදානම් වෙමින් උන් නිසාවෙන්, ලීසා හා යෑමට ඇයට නොහැකි විය. ඇය නාගෙන විත්, කොන්ඩය පිහිදා ඇඳ මත අතුරා තිබූ රතු පැහැ ගව්මක් අතට ගන්නට උනි.

🌷 මගේ පඩියෙන් ගත්ත මගෙ ගව්ම...

           ජීසු එසේ තමාටම කියාගෙන සතුටින් ගව්ම පිරිමදින්නට උනි. පසුව ගව්ම ඇගලාගත්තත් ඇයට එහි පිටුපස ශිපරය දමාගැනීමට අපහසු විය. විවිධ විවිධ ආකාරයෙන් ඇය ඊට උත්සහා කරත් එය සාර්ථක වූයේ නැත.

🌷 අනේ... මේක කොහොමද දාගන්නේ... මේක දාන්නම බෑනේ. දැන් මන් මොකද්ද කරන්නේ... අයියෝ මටත් වෙන දේවල්....😭

            ජීසු එසෙ තමාටම නෝක්කාඩු කියන්නට උනි. ඇය තවත් උත්සහා කළද එය සාර්තක නොවුනී. ඇය ඇඳුම එහෙම තියෙද්දී ඉතිරිය සුදානම් උනි

🌷ජින්,...
නෑ නෑ 😑 මොනාද ජීසු ඔයා මේ හිතන්නේ... ජින්ට කියන්නේ කොහොමද, එයා මොනා හිතයි ද?

              ඒත් එක්කම යමෙක් ජීසුගේ කාමරයේ දොරට තට්ටු කරන්නට උනි. ඒ වෙන කවුරුත් නොව ජින් බැව් දන්නා ජීසු ගව්මේ අඩුපාඩු වසාගෙන ගොස් දොර ඇරියාය.

          නමුදු දොර ඇරී ජීසුව දුටු ජින් ගොලු වූයේ ඇගේ ලස්සන දැකීමෙනි. රත් පැහැ ගව්මට ඇය සුරංගනාවිය බඳු යැයි ජින්ට හැගුනි. පැවසීමට ආ දේ පවා ඔහුට අමතකව යද්දී, ජීසු ජින් යමන් කියනකන් බලා සිටින්නට විය.

🌷 ජින්????

             ජින් කිසිවක් නොකියූ නිසා ජීසු, ජින් හට කතා කලේය. ජීසුගේ හඬින් තිගැස්සී ගොස් පියවි සිහියට ආ ජින්,

💛 සො...සොරි.
මේ..මන් යන්න හදන්නෙ, B7 එක්ක යන්නේ. ඔයා යද්දී දොර ලොක් කරලා යන්න. මන් ලඟ කී එකක් තියෙනවා.

🌷 අහ් හරි ජින්.

            ජීසු දෙස තවවරක් බැලූ ජින් යාමට සැරසෙත්ම සිය ගැටලුව ට ජින්ගෙන් උදව් ගැනීමට සිතා ජීසු ඔහුට කතා කලාය.

 💜️ Dear Hearts 💜 || JJK || BTS Where stories live. Discover now