දෑත් මත මුදු
පවන රඳවා
නුඹ එහෙට
යලි මෙහෙට වෙන හැටි...මමද වැඩිමල්
නුඹ ද නැතිනම්
යළිත් සිතිවිලි
කඩන් යන හැටි...හිනාවක් දිගු
නයන වපුරා
හද කතර
දියවර පුරන හැටි...අහෝ මා තව
නොබැඳි පදවැල්
පපුතුරේ
සඟවා සිටින හැටි...දෑත් අතරට
ශේෂ වී සඳු
සිනිඳු රැස් පා
ළය කණින හැටි...දුරක තනිවී
රැදෙන මොහොතට
හදවතින් මට
සිනා දෙන හැටි...ලොවට රහසේ
සඳුට රිසිසේ
මල් සුවද
මත් වී හමන හැටි...අදම සඳ මල්
වියා පළඳම්
නුඹට රහසේ
මට හැඟෙන හැටි...220407