බිනර මල්

64 2 50
                                    

වරක් දෙවරක් නොවේ
වටින මල් වැටෙනු දුටු
තවත් ඒ දැක දැකම
මතක මල් ඔහේ නැටු

ගියත් කොයි කාලයක්
දිය පොකුණු පෙම දැවටු
නුඹ නැතිව නුඹ ඇතිව
තුරුළු වෙයි රෝස නටු

යලි යලිත් ඉනාවක්
කැකෑරෙන හිඳෙන තුටු
පොකුණු යට කලතමින්
දෝරේ යන ලකුණු දුටු

ඉරත් පොළොවට බහී
මවත් නොවුනමුත් ඉටු
නුඹත් ඇස් අග හිඳී
හෙටක් වී ගලක කෙටු

220928

හිතළුDonde viven las historias. Descúbrelo ahora