කල් ඉකුත් වී ඇත

24 2 47
                                    


ඉරුණු නුඹ
යහමින්
එළලමින්
ප්‍රේමියේ

වියැකි තැන්
සැඟවූ
වියරු රස
සැමරුවෙමි

ස්නේහයෙන්
නහවා
ප්‍රේමයෙන්
පොඟවා

නොපැරදුණු
ආදරේ
කඳුලින්ම
ඔප දමමි

පිරුණු ලැම
ඉඟ, කොපුල
කල් ඉකුත්වී
ඇති ලු

ප්‍රාණයම
දිය කෙරූ
කඩදහිය
දියවුණි ලු

කල් බලා
මං බෙදා
පොරොන්දුව
යලි ලියා

කතරකින්
පණ උරන
ළය තවම
ගැහෙනව ලු

240914

හිතළුWhere stories live. Discover now