අවාරේ හිරිකඩ

28 1 24
                                    

ළය පැළුණ
විකල් වැහි
අවාරේ
වැටෙද්දී..
කතර මිස
ගොහොරුවක්
කෙසේනම්
උහුලයි ද?

විස උරපු
අකල් වැහි
ලෝ පතුල්
සිඹිද්දී..
කතර මිස
ගොහොරුවක්
කෙසේනම්
රැකලයි ද?

ඉර ඉරා
දුබල සිහි
පණ කෙන්ද
උරද්දී..
කතර මිස
ගොහොරුවක්
කෙසේනම්
ඉවසයි ද?

යලි යලිත්
අවාරෙට
හිරිකඩක්
ඉහෙද්දී..
කතර මිස
ගොහොරුවක්
කෙසේනම්
සැනසෙයි ද?

241023

You've reached the end of published parts.

⏰ Last updated: Oct 23 ⏰

Add this story to your Library to get notified about new parts!

හිතළුWhere stories live. Discover now