අලුත් නුඹ

57 3 41
                                    


අකුරු කියු
අමුතු කවි
පපු කුහර
හූරමින්

පාට නැති
ලේ දුවන
උණුහුමේ
පාවෙමින්

දෙගොඩ නැති
විල් උරා
ඉඩෝරෙට
හිරු අරන්

ඔහේ යයි
මාරුතය
අතීතය
සිහිකරන්...

මතක ළඟ
අලස වී
යුධ වැරූ
හිත මරන්

කැඩපතෙන්
වැමෑරූ
ඇත්ත තතු
හිල් කරන්

ආයෙමත්
පා නොයෙන
මතකය ද
දිය කරන්

අලුත් නුඹ
දකින නෙතු
අලුත් වෙයි
නුඹ තරන්...

220831

හිතළුTempat cerita menjadi hidup. Temukan sekarang