අමාවක

42 2 84
                                    

නැගෙන විට අමාවක
තරු නොවෙද රජ වෙන්නෙ

තරු වුවත් අමාවක
අහසමයි ඉල්ලන්නෙ

බැඳෙන විට හිනාවක
මම නොවෙද දිය වෙන්නෙ

මගෙ නුඹත් අමාවක
තරුවක් ද දිදුළන්නෙ?

සඳ දුවත් අමාවක
එනකං ලු ලතැවෙන්නෙ

හිරු නුඹත් අමාවක
වෙනකන් ද දින ගැන්නෙ?

යලි යලිත් ඉනාවක
දෙනෙත් මා ගිල්වන්නෙ

අමාවක සිසි නෙළුම
නැති ද හද කකියන්නෙ?

සඳු නුඹයි අමාවක
තරු මිතුරු පිරි වැරූ

සොමි කැළුම් ගඟුලක්ව
මද රැසින් නෙත් වැසූ

හිරු මමයි අමාවක
අඩ දිනක් රජ කෙරූ

මහක් පිරි සෝ කුහර
නුඹ නමින් දිය කෙරූ

240909



හිතළුWhere stories live. Discover now