ශුද්ධාත්ම

47 3 62
                                    


නුඹ නුඹේ ලොව
මෙලොව අඳිමින්..
භවන් මවමින්,
යෙහෙන් සරමින්..
ප්‍රේමයට
කාරණා පුරමින්..
මුණ ගැහෙන්නෝ
කර අතරමං...

භීතියට
කාරණා මෙලෙසින්..
මවන නුඹ
පිටුපසින් රැඳෙමින්..
ප්‍රේමයට රෝමියෝ
නොවෙමින්..
මම ම නුඹ
සනසවමි නිතැතින්...

මත් වෙමින්
මග රකින හිවලුන්..
දකිමි නොදකිමි
හෙවණ මගෙ නම්..
ස්නේහයෙන් නුඹ
මවන දෙලොවින්..
පණ ගැහෙන්නේ
හිතළු සුපහන්...

මගේ කඩුපුල
රැයෙම පිපියන්..
නුඹම රජයන
මහිත පිපියන්..
රුහිරු හිරු
මතුදා නිවෙනකන්..
ලෝ මවා,
මා ළමැද නැළැවෙන්...

240927



හිතළුWhere stories live. Discover now