කොහිද?

66 3 8
                                    

ඇයි?
ඇයි මේ නිහඩ?

දිදුළ නෙත් යට
අදුරු පත්...
මා නොවේද
උරණ විය යුතු?

සැනසෙන්න අන් අයට
බිලි වෙන්න
කඳුළකට
බිය වෙන්න
හුරු උනේ
කවදාද
මගේ සඳ?

මං ගැන එපා!
මට නම්
නුඹ බැල්ම
ඇති තවම
හිත් ගිනි නිවා
අවුලන්න.,

කල් නැතුවම...

ගැහෙන හැටි
රැදෙන හැටි
දරාගෙන ඉන්න හැටි
තමයි මට
බැරිම ඉවසන්න...

කොහිද "මගෙ හුරතලේ'
අපි යමුද අතීතෙට?

කොහිද අපි නැවතුනේ
අපි යමුද අපෙ තැනට?

කොහිද මගෙ සඳ මඬල
අපි වෙමුද උණුහුමට?

කොහිද මගෙ රුහිරු පෙම
හිත් අතැර හිමි ද මට?

220416

හිතළුDonde viven las historias. Descúbrelo ahora