තව එපා!

63 3 16
                                    

සියක් එළි
නිවි නිවී
අඳුර යට
දැවෙනකොට,
නුඹ වටේ
කෝටියක්
නෙත් අයා.,
සිත් වයා...

නෑ,
තව එපා,
තව එපා!

ඇස් මැදින්
දඟ කරන
කෙස් රොදක්
ඉඟි කරන
පවන පරදා නටන
නුඹ ගීය
මන බඳන

ආයෙ නම් දෙන්න බැහැ
ඇති නොවෙද
දුර ගියා?,
ඇති මැණික
දුර ගියා...

මගේ නුඹ
මගේ.., තව
එන්නෙපා
මත් වෙලා!

දෙන්නේ නැ
මගෙ එයා...

ඔව්,

මගෙ ඔයා.,
මගෙ ඔයා...!!!

220411

හිතළුWaar verhalen tot leven komen. Ontdek het nu