Dream 5 🌼

35 11 1
                                        

Hostorical ff මම ලියලා නෑ කලින්..මේ මගේ පලවෙනි historical fan fiction  එක..ඒක නිසා වැරදි අඩු පාඩු තියෙනවනම් කියන්න..මම උත්සාහ කරනවා පුලුවන් තරම් ලස්සනට ලියන්න..

කලින් කොටසේ මැදක ඉදන් වගේ දිගටම කතාව යන්නේ ඒ type එකට..ඒක නිසා ටිකක් කියවගන්න තේරුම් ගන්න අමාරුයි වගේ නම් කියන්න...🥰💜️
.
.
.
.
.
.
.
.
.
.
.

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

සිහිනෙක උනත් ඇත්තක් උනත් මට මේ අයුරින්ම සිටින්නට ඕනෑ උනා..
ඒ නිසාම මැදියම් රැය පසු වනතෙක්ම අහස දෙස බලාන් උන්නේ කුටියේදී නින්ද ගියා නම් මේ සිහිනයෙන් මා ඇහැරේවි යන බිය නිසායි..

සෝල් වලට වඩා තරු මිලියන ගණනක් මගේ ඇස් ඉදිරිපිට දැල්වෙමින් තිබුනා.
සෝල් වල අදුරු ඕරාවෙන් මිදී ම ගැන මටම මම ස්තූතිවන්ත් වූවත්
සිදුවූ කිසිවක් මේ වනතෙක්ම මට සිතාගැනීමට නොහැකි වීමත් එක්තරා අන්දමක හිසරදයක් උනා.

සෝල්වල කුටියක විනාස වීමට අතළඟ සිටියදි මේ නන්නාදුනන ගම්මානයේ අමුතු මිනිසුන් කොට්ටාසයක් මැද ඇහැරෙන්නට වූ එක ගැන කාට කොහොම නං පැහැදිලි කරන්නද.
ඒක නිසා එය සිහිනයක් ලෙසම මා ලගම තබාගන්නවා මිස කාටවත් පැවසිමෙන් ඵලක් නැති බැව් මට වැටහෙමින් තිබුනා.

තනිවම හෝ සිදු වූ දෙයක් පසුවට සොයා බලන්නැයි සිතාගෙන ලී බංකුවේ හාන්සි වූයේ තරු ගනින්නට වුවත් නොදැනීම ඇස් පියවුනේ ඇගට දැනුන වෙහෙසත් එක්කමයි.
එය එක්තරා දුර ගමනකින් පසු ගමනාන්තයට ලං වූවෙකුට දැනෙන වෙහෙසක් වැනි විය.
.
.
.
.
.
.

උදෑසන හිරු රශ්මියෙන් හාත්පස නැහැවෙද්දී තවමත් මා සිටියේ සිහින ලෝකයක.
ඒ සිහිනයේ මා සිටියේ ජෝසන් රාජ්‍යයේ.
මා ඉදිරිපිට සිටියේ කඩවසම් කුමාරයෙක්ද ?? කුමාරයෙක් වූවත්, වංශාධිපතියෙක් වූවත්, කවුරුන් වූවත් ඒ කඩවසම් මුහුණ මට මැවි මැවී පෙනුනා.
දැන් නම් ඇහැරෙන්න බිය වූයේ මේ සිහිනය නැති වේයැයි සිතට දැනුන දුක නිසයි.

ඒත්..කවුරුන් හෝ මා අසල සිටින බව නිසැක වශයෙන්ම මට දැනුනා.
කාගේ හෝ බැල්මක් මා වෙතට වැටී ඇති සැටියක් මට මැවී පෙනෙන්නට උනා.

𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼 Where stories live. Discover now