හේයොන්ග් කිමද මේ නුඹ සුදුමැලි වෙලා.
ක්වන්යොන්ගේ ඇසුවේ මාගේ හිසට දෑතම තියමින් මා අසනිපෙන්දැයි පරීක්ශා කරමින්.
දහඩිය වැගිරෙන නළල දෝතින්ම පිසදාගත් මම හුන් තැනම පඩිය මත හිදගත්තා..
නෑ නෑ..කුමක්වත් නෑ ක්ව්යන්යොග්..
කුමක්වත් නොමැති වන්නට බෑ..නුඹ කොහිද අතුරුදහන් වූයේ හදිසියෙම..
පණිඩුව්ඩයක් ලැබුනා යූහන් කුමාරයාගේ මාළිගයට මාහර පැමිණෙන ලෙසට..
කුමක්..
කොහෙන්දෝ එතැනට පැමිණි මීරාත් කතාවට එක් වූයේ තැතිගත් පෙනුමකින්..
අනේ දෙවියනේ බිය වන්නට තරම් යමක් වූයේ නෑ..කුමාරයාගේ ස්වයංවරයේ කටයුතු වල රාජකාරියක් බාර දීමටයි පැමිණෙන්නට පවසා ඇත්තේ..
කොහෙන්දෝ ආ මුසාවක් මටත් නොදැනින්ම මගේ මුවින් පිට උනා..
අහ්හ්..ඒක මිසක්..කෙසේ හෝ..
පාලිකා කිම් සියල්ලන්ටම රැස් වන්නටයි කිව්වා සවස ඉර බැස යාමට මත්තෙන්..
මා අනිත් අයට පවසා එන්නම් එසේනම්..
.
.
.
.
.
.
අද දින සිට සියලුම දෙනාට රාජකාරි විශාල ප්‍රමාණයක් කිරීමට සිදු වනවා..මාළිගයේ විශාලම උත්සවයක් ආරම්භ වීමට නියමිත් බව සියල්ලන්ම දන්නවා ඇතිනේ..
ඒසෙයි පාලිකාවනී..
හොදයි..ඔටුන්න හිමි යූහන් කුමරාගේ ස්වයංවරය සදහා දෝවගර් රැජිණියගේ මාලිගය සූදානම් කිරීම අපට භාර වෙලයි තිබෙන්නේ..
සියලු දෙනාට මා අද රාජකාරී භාර දෙනවා..කිසිවෙකුත් ඒවා මගනොහැර ඉටු කල යුතුයි..
අදින් තුන් මසක් ගතවන තුරු මලිගයෙන් පිටතට යාමට සියල්ලන්ටම තහනම්..
වැටහුනාද සියලු දෙනාට..
එසේයි පාලිකාවනි..
පවසන සෑම දෙයකටම හිස නමා ආචාර කරමින් උන්නත් සියල්ලන්ගේම හිත් වල නිවෙස් වලට යාමට නොහැකි වීම ගැන තිබ්බේ කියාගත නොහැකි දුකක් බව මුහුණු වලින් පෙනී ගියා..
නේවාසිකාගාරයට ආ විගස කසුකුසුව වැඩි වූයේ මේ හේතුව නිසා..
ඒක නම් හරිම ආසාධාරණයි..ඇයි අපට සතියකට එක් දිනක්හෝ පිටතට යාමට නොදෙන්නේ..
YOU ARE READING
𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼
Fantasy🖇️රකුසෙක්ද කුමාරයෙක්ද එහෙමත් නැත්නම් දිව්‍ය විමානයකින් බට දෙවියෙක්ද නුඹ ? 📍දෙවියෙක් නොවෙයි, කුමාරයෙකුත් නොවෙයි, රාක්ෂයෙකුත් නොවෙයි නුඹ වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට ඉපදුන ඉන්ද්‍රජාලිකයෙක්... 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 🖇️සිහිනයේත් යථාර්තයේත් මා පස...
