Dream 6 🌼

40 11 7
                                    

දැන් මා ජෝසනයට හුරු වී ඇති සෙයක් මට දැනුනා.
සතියක් දැනටම මා මෙහි පැමිණිලා.
කිසිදු වෙනසක් නොවී හැමදේම හොදින් සිදු වුනා.
නමුත් සත්‍ය වශයෙන්ම කතාව ආරම්භ වූයේ දැනුයි.

හෝසොක් හා මා මුණගැසුණු අවසාන දිනය එදා මගේ කතාව ඔහුට පැවසූ දිනයයි.
එදිනට පසුව දින 5ක් පමණ ගතවන තුරු මා ඔහු දුටුවේ නෑ.
දොක්මන් පවා මා හට කිසිත් පැවසීමට හෝ මාගේ මුහුන දෙස එක එල්ලේ බැලීම හෝ නොකල හෙයින් මට අමුත්තක් දැනුනා.

යුන්මී මගේ සමීපතම මිතුරිය වූයේ අපි දෙදෙනාටම නොදැනිනයි.
යුන්මී යනු දොක්මන්ගේ එකම දියණියයි.
ඇය මට වඩා මාස ගණනක් බාල වුවත් අප එකම වයසේ පසුවන නිසා අප මිතුරියන්ට වඩා දැන් සහෝදරියන් ලෙස හැඳින්වීම සුදුසුය..

යුන්මී මා හට ජෝසනය පිලිබද සෑමදෙයක්ම කියා දුන්නා.
ජෝසනයේ වංශාධිපතින් පිළිබඳව, රජු පිළිබඳව, සමාජ ස්ථර පිළිබඳව මෙන්ම කෑමේ බීමේ සිට ආචාර විධි කතා බහ කිරීම් ආදී සෑම දෙයක් ගැනම ඇය මට කියා දුන්නා.
සැබවින්ම ජෝසනයේ ජීවත් වීම නම් අපහසු බවක් දැනුනත් මා ඉක්මනින්ම එයට හුරු උනා.

එහෙත් හේයොන්ග් ඔබ මෙතෙක් කල් හිටියේ කොහෙද..මට ඔබ ඒ ගැන කිව්වේ නැහැනේ..

මා පැවසුවේ සෝල් කියා..එහි සිට තමා මා පැමිණියේ..

අනේ මන්දා මා හට නම් වැටහෙන්නේ නෑ.
තාම ඔබටවත් ඔබ මෙහි පැමිනි ආකාරය පිළිබඳව සිතාගත නොහැකී නේ..

පීච් ගෙඩි අහුලමින් කතා කර කර සිටින අතරතුර යුන්මීගෙන් හෝසොක් ගැන අසන්නට මට සිතුනා.

යුන්මී..

ම්ම්ම්..පවසන්න..

හෝසොක් උතුමානන්..

ආහ්හ්..මම බැලුවා ඇයිදැයි මේ තරම් පරක්කු කියා ඒක අසන්න..

යුන්මී මා දෙස බලා අමුතු විදිහට සිනාසුනා.

යුන්මී......එසේ නොවෙයි අනේ...උතුමානන්ව දවස් කීපයකින්ම මා දුටුවේ නෑ..ඒකයි..

එය එසේ තමයි..

ඒ කීවේ..

හෝසොක් උතුමානන් මාසයකට වරක් සතියක් හෝ දින 20ක් පමණ මෙසේ අතුරුදහන් වෙනවා..එය අපට නම් දැන් පුදුමයට කරුණක් නොවෙයි.

𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼 Where stories live. Discover now