Dream 13 🌼

14 6 0
                                        

යුන්මී..

හේයොන්ග් දෙවියනේ නුඹ නැතුව මං පාළුවෙන් සිටිය තරමක්..ආහ්හ් දෙවියනේ නුඹද දකින්න ලැබීම ලොකු සතුටක්..

මාලිගයෙන් පිටත ද්වාරය අසලට වී අප බල සිටියේ යුන්මී එනතුරුයි.
ඇය මා දුටු සැනින් මා වැලදගත්තේ දියණියක් තම මව නැතිව ශෝකයෙන් වසරක් කීපයක් තනි වී සිටියාක් මෙනි..

යුන්මීත් සෝහීත් ඇතුලු අප සියලු දෙනා එකට එක්වී මාලිගයෙන් පිට වූ පලවෙනි අවස්ථාව මෙයයි.
නිවසට යන්නට තරම් කාලයක් නොවූයේ රාත්‍රියේ ඇදිරි නීති වේලාවට පෙර අප මාලිගයට නැවත පැමිණිය යුතු නිසායි.

මාර්ගය දෙපස තිබූ වෙළඳසැල් පීරාගෙන අප නගරයේ කෙළවරට වන තෙක් ඇවිද ගියා..
සුවද විලවුන්, කැවිලි වර්ග, බීම වර්ග, සේද, ආභරණ නොගත් දෙයක් නැහැ..
මේ අතර තිබූ එක් වෙලදසැලක් මගේ සිත් ගත්තා.
එය තිබ්බ තිබුනේ කඩපේලියේ අවසාන හරියට වන්නටයි..

යුන්මී මාගේ මිතුරියන් එක්ක මටත් වඩා සමීපව සිටි අතර ඔවුන් සල්පිලෙ භාණ්ඩ අතර අතරමං වී ඇති බැව් මට පෙනුනා..
ඔවුන්ට බාධා නොකර මා අර වෙලදසැල වෙත පියමැන්නා..

විවිධ වර්ණ වලින් යුත් මල් වර්ග රාශියක් මා ඉදිරිපස තිබූ අතර ඒවා මල් කලඹ සේ සකසා තිබුනේ සේද රෙදි වලින් වට කරමිනුයි. ඒ දීප්තිමත් පැහැයන් මගේ සිත
වසග කරගන්නට ගියේ තප්පරයකටත් වඩා අඩු කාලයක්..
මා ළඟ වූ මුදල් ඉතිරි කරගෙන සිටියේ මවටත් පියාටත් කිසියම් හෝ දෙයක් ලබගන්නයි.

එම නිසා මා දෑසින් පමණක් මේ මල්වල අලංකාරය විද එතැනින් පිටවන්නට සිතාගත්තත් එතැන හුන් ඩේසි මල් පොකුර අන්තිම වතාවට ස්පර්ශ කරන්නට මට සිතුණා.

පහත් වී එහි සුවඳ බලන්නට සූදානම් වෙද්දී කවුරුන්හෝ ඒ මල් කලඹ අතට ගත්තා.

මට මෙය දෙන්න..

ඔහු එය මිලදී ගත්තා.

හෝසොක්..

මට කියවුනේ ඉබේටමයි..

දෙවියනේ හෝසොක්..ඔව් ඒ හෝසොක් තමයි..

ඔහු අත තිබූ මල් පොකුර මා හට දිගු කරමින් මුව පුරා සිනා සුනා.ඒ කෙළිලොල් සිනහව මා මේ දකින්නේ සතියකි දෙකකින් නොවේ මසකින් දෙකකින් පමණ..

𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼 Where stories live. Discover now