Dream 17 🌼

9 1 0
                                        

උදෑසනම අවදිවීමක් අන් අයට තිබුණත් අප පස්දෙනාට නම් තිබුනේ නැති හැඩයි..
පෙර දිනයේ මාගේ අතුරුදහන්වීමෙන් බිය වූ මාගේ මිතුරු කැල තැනක් නොතැනක් නැතිව මා සොයා ගොස් තිබුනා..
නිදිගැට කඩමින් හෝරාවක පමණ නින්දෙන් ඇහැරුනේ උදාසනම කරන්න රාජකාරී බොහෝමයක් මතක් කර දෙමින්..

ආහ්හ්...වූහී...අවදිවන්න..

මොකද මේ..උදෑසනින්ම අනේ..මට තව මදක් නින්දන්නට දෙන්නකෝ..

තව නිදන්න..දැන් ඉර නැගී හෝරා 3ක් පමණ ගොස් අහවරයි..

ක්ව්‍යන්‍යොග් ඉක්මනින් සූදානම් වන්න..කිම් පාලිකාව පණිවිඩයක් එවලා..

මම කුටියට ආවේ පීත්ත පටිය ගැටගසමින්..

අද උදෑසන ආහාරයට මොනවා තියෙයිද දන්නේ නැ...

ආහ්හ්..වූහී..කොයි වේලෙත් කෑමමයි.

තාමත් පොරෝනයෙන් එලියට එන්නට හිතක් නොවූ වූහීව ක්ව්‍යන්‍යොග් පාදයෙන් ඇදගෙන යන විට සිනහා නොවී බැරි උනා..

සියලු දෙනා රැස් වන්න..

විනාඩි කීපයකින් පාලිකා කිම්ගේ කටහඩ ඇසීමත් සමග පාලිකාවන් සියලු වෙනා පෙල ගැසී සිටියා..

අදින් පටන් උසස් පවුල්වල සියලුම යුවතිවන් ස්වයංවරයේ පරීක්ශන සදහා සහභාවී වේවී..ඔවුන්ට සැලකිලි දැක්වීම දෝවගර් මාලිගයේ පාලිකාවන්ගේ වගකීමක්..දෝවගර් රැජිනගේ මුලිකත්වයෙන් සිදුවන මේ ක්‍රියාවලියට සියලුදෙනා නොපැකිල දායකත්වය ලබා දිය යුතුයු..

එසේයි පාලිකාවනි..

එසේනම් අදාල අංශ වලට වහා ගොස් ක්‍රියාත්මක වන්න..

වැටහුනා පාලිකාවනි..

අම්මෝ වූහී..කුමාරිකාවක් තෝරනවා කියන එක ලේසීපාසු කාර්‍යයක් නොවෙයි නේද..

ඔව් හේයොන්ග්..දැන් වංශවත් කුමාරිකාවෝ ගලාගෙන එයි කුමාරයට ආදරේ බව පවසමින්..

ඒත් යූහන් කුමාරයා වගේ නපුරු ස්ත්‍රී ලෝලියෙකුට කවුද ආදරේ කරන්නේ..

හා හා කට මීරා..පරිස්සමෙන්..දන්නවනේ මාලිගයේ බිත්ති වලටත් කන් ඇති බව..

𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼 Where stories live. Discover now