Dream 9 🌼

23 5 2
                                    

රැජිණගේ උදෑසන ආහාර ගෙන්වන වේලාව ලංවෙත්ම මාළිගයට යන්නට ලැහැස්ති වෙමිනුයි මම සිටියේ..එතුමියගේ ඇදුම් පැළඳුම් ආභරණ පළදවා සූදානම් කිරීමට පැවරී තිබුනේ මා හටයි.

පාලිකා නේවාසිකාගාරයේ පාලිකාවන්ට මා විසින්ම සාදා ආලේප කල තොල් ආලේපන, ඇස් වර්ණ ගැන්වීම් ගැන සැල වී එතුමිය මා කැඳවා ඊයේ සුවිසාල වර්ණනාවක් කලා.

හේයොන්ග් මා දැන සිටියේ නෑනේ නුඹට ඇති මේ හැකියාව පිළිබඳව.
නුඹ ගැලපෙන්නේ එසේනම් මාගේ යටත් පාලිකාවක වීමටත් නෙවෙයි.

එසේ පවසන්න එපා උත්තමාවියනි..
ඔබතුමියට සේවය කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක්..

දෝවගර් රැජිණිය තාමත් තරුණ බිසවක් මෙන් හැඩයි.ඇය රජතුමාගේ මව යැයි පවසන්නවත් බැරි තරම්.
ඇය අනිවාර්යයෙන්ම කුමාරවරුන්ට කුමාරියන්ට හරිම ආදරේ චරිතයක් බව ඇයගේ කතා විලාසයෙන් මට වැටහුනා.
ඇය සිටියේ නිතරම සිනා මුසු මුහුණින්..

හ්හ්හ්හ්ම්ම්..ඉතින් මා හට පවසන්නකෝ..කෙසේද නුඹ මේ දේවල් උගත්තේ..

මම මදක් නිශ්ශබ්දව සිටියේ කුමක් කියන්නද කියා සිතාගත නොහැකිවයි..
සෝල් ගැන, එහිදී උගත් දෑ මොවුන් විශ්වාස කරන්නේ නැහැනේ..

විශේශයෙන්ම කාගෙන්වත් ඉගෙනගත්තේ නෑ උත්තමාවියනි..
කුඩාකල සිටම තනිවම හැදී වැඩුන නිසා විවිධ දෑ අත් හදා බලන්නට ආසාවක් මා හට තිබුනා..
ලස්සනට හැද පැලදගෙන යන කාන්තාවන්, තරුණියන් දුටුවාම ඔවුන් මෙන් මාත් කවදාහෝ ලස්සනට සිටිනවායැයි සිතාගත්තා..

ඒත් මුදල් තියා හරිහමන් රැකියාවක්වත් මගේ දෙමව්පියන්නට නොතිබුන නිසා මගේ හීන ගැන දැන් දැනත් මගේ මාපියන්ට මට තොල් ආලේපනයක්වත් අරන් දෙන්නට වත්කමක් තිබුනේ නෑ..

ඉතින් මා ගස් වැල් වලින් කඩාගන්නා කොල, මල් වලින් ආලේපන හදන්නට උත්සාහ ගත්තා.
ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 20වන වියට පා තබද්දී සුලු සුලු රැකියාවලින් ලබාගත් මුදල් වලින් ආලේපන සෑදීමට මා උගත්තා.

කතාව අවසාන වනවාත් සමගම රැජිණ අත්පොලසන් දුන්නේ දීප්තිමත් සිනහවකින් මුව සරසාගෙනයි.

𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼 Where stories live. Discover now