Queen doso's POV🌿
උත්තමාවියනි...රජතුමා සැපත්වනවා..
මා කලබලයෙන් කුටියෙන් පිටතට දිව ආවේ රජතුමා කිසිම දිනෙක මෙලෙස නොදන්වා හදිසියේ පැමිණ නොමැති නිසා ඇති වූ පුදුමයටයි..
රජතුමනි...මා හට පණිවිඩයක් එවූවානම් මම පැමිණෙනවානෙ..ඔබතුම හදිසියේම පැමිණියේ..
අද මව් රැජිණියගේ මාලිගා සංචාරයනේ...
යොන්සන් බිසව අපට සංග්‍රහයක් සූදානම් කරන ගමන් සිටින්නේ..
කුටියෙන් පිටතට සියලු දෙනාම පැමිණ සිටින නිසා අද මා උබටත් රාත්‍රී ආහාරයට ආරාධනා කරන්නයි පැම්ණියේ..අහ්හ්..
මොන දේ කලත් රජතුමාට යොන්සන් බිසව තරන් කෙනෙක් නෑ..
ඉබේටම වාගේ මගේ අත මිට මෙලවුනේ ඒ නිසාමයි.එසේයි රජතුමනි මා පැමිණෙන්නම්..
ඔබතුමා කැමතිද මා සමග මදක් ඇවිදින්න.හොදයි..
රජතුමාත් මාත් මාලිගාවේ ඉදිරිපස වූ පොකුණ සමීපයේ ඇති අඩි පාරේ ඇවිදින්නට යන්න සූදානම් වුනා.
දෝසෝ..යූහන් තවමත් මා දුන් රාජකාරී අවසන් කර නැතිද..
ඇවිද යන අතරේ රජතුමා ඇසූ පැනයට දීමට උත්තරයක් සිතාගත නොහැකිව මා තරමක් පැකිලුනා..
එසේයි රජතුමනි ඔහු මේ දිනවල ඉගෙනීම් කටයුතුත් සමගම ඒ රාජකාරිත් ඉටු කරන බව මට පාලිකාවන් දිනපතා දැනුම් දෙනවා.
එය හොද ආරංචියක්.නමුත් මා හට කනින් කොනින් අසන්නට ලැබෙන සමහර ආරංචි නිසා යූහන් ගැන සැක පහල වීයි තිබෙන්නේ..
ඒ..ඒ ඇයි රජතුමනි..
ඔහු දිනපතාම මාලිගයේමද සිටින්නේ..
එසේයි රජතුමනි..අනාගතයේ කිරුළ හිමි කුමරු ලෙස ඔහු අනිවාර්යයෙන්ම වගකීම් සහගතව වැඩ කරන ආකාරය ඉගෙනගනිමි සිටින්නේ..
ම්ම්ම්..
රජතුමා මදක් නැවතී දෑත් පිටුපසට බැද ඈතට විහිදුන ඉමක් කොනක් නොපෙනෙන ජල තීරය දෙස බලා උන්නා..
ඔහුට වගකීමක් ගන්නට තරම් නුවණක් තිබේදැයි මා පරීක්ශා කල යුතුයි.
සතියකින් පසු මා මාගේ ගුරුවරුන් දෙදෙනෙක් එවන්නම්..
ඔවුන්ගේ පරීක්ෂණයට හොදින් මුහුණ දෙනවාදැයි මා බලන්නම්..
වොන්සන්ටත් දන්වන්නට වෙයි.

YOU ARE READING
𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼
Fantasi🖇️රකුසෙක්ද කුමාරයෙක්ද එහෙමත් නැත්නම් දිව්‍ය විමානයකින් බට දෙවියෙක්ද නුඹ ? 📍දෙවියෙක් නොවෙයි, කුමාරයෙකුත් නොවෙයි, රාක්ෂයෙකුත් නොවෙයි නුඹ වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට ඉපදුන ඉන්ද්‍රජාලිකයෙක්... 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 🖇️සිහිනයේත් යථාර්තයේත් මා පස...