Dream 7 🌼

39 12 8
                                        

දින 3කට පසු උදෑසනම මා අවදි වූයේ යුන්මීගේ හා නැන්දනියගේ වාද කිරිමේ හඩටයි..

ඇස් පොඩි කරමින් මා එලියට යන විට යුන්මී තරහෙන් පුපුරමින් සිටියේ රතු වූ මුහුණකින්.

මා පැවසුවානේ මෑනියනි..

ඇයි මට මාලිගයට නොයන්නට බල කරන්නේ.
දන්නවානේ මා පාලිකාවක් වීමට කැමැත්තෙන් සිටින බව.

යුන්මී..
මාලිගයේ ජීවිතය කෙබදුදැයි නුඹට වැටහෙන්නේ නෑ..

කුඩා දරුවෙක් මෙන් හැසිරීම නවත්වන්න..දැන්ම හේයොන්ග් සමගම මෙහෙන් පිට වෙන්න සොල්දාදුවන් පැමිණෙන්නට කලින්.

නැන්දනියනි..කිමද මේ..??

හේයොන්ග් අනේ පවසන්නකෝ මෑණියන්ට..

කුමක්ද වෙන්නේ..මා කිසිත් දන්නේ නෑනේ ඉතින්..

හේයොන්ග්..
යුන්මීට මාලිගයට යාමට ඕනෑලු..
මුළුතැන්ගෙයි පාලිකාවක් වීමට ඇය කුඩා කල සිට ආශා කරන බව මා දන්නවා..ඒත් මාලිගය හිතනවාට වඩා ලස්සන තැනක් නොවන බව පහදා දෙන්නකෝ මේ හිතුවක්කාර කෙල්ලට.

නැන්දනියනි මාලිගය කෙතරම් අනතුර්දායකද යන්න මා දන්නේ නෑ..ඒත් යුන්මීගේ හීන බිද දැමීම එක අතකින් ඇයට දුකක් නේද.

හේයොන්ග් ඔබත්...
සොල්දාදුවන් දැන් රට පුරා විසිර ගොස් සිටින්නේ නව පාලිකා තේරීම්වලට අවිවාහක තරුණියන් සොයා යන්නට.
නුඹ දෙදෙනාවම මට මාලිගයට යවන්නට බැහැ..මා එයට කැමති නෑ.
එම නිසා දැන්ම පියාණන් සමීපයට යන්න.

පියාණන් ගියේ දුරබැහැරක රාජකාරියකටනේ මෑණියනි.ඉතින් කෙසේද මාත් හේයො..

අහන්න යුන්මී..

නැන්දනියනි..මදක් සන්සුන් වන්න..

මෙතැනින් අසුන්ගන්නකෝ..

යුන්මී සමග මමත් යන්නම් මාලිගයට.
මටත් මෙසේ සිටිය නොහැකී දිගටම.
නුබලාට මා කෙසේ හෝ ප්‍රතිඋපකාර කලයුතුයිනේ.ඉතින් යුන්මීගේ සිහිනයත් ඉටු වනවා වගේම නැන්දනියට යුන්මී ගැන බිය වීමට හේතුවකුත් නැති වෙනවා.

𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼 Where stories live. Discover now