Dream 18 🌼

17 3 0
                                        

හේයොන්ග්..හේයොන්ග් අනේ හේයොන්ග් කිමද මේ..

කලබල වූ සෝහී වහා දුව ගොස් වූහී හා මීරාව කැඳවාගෙන ආවා..

අනේ සෝහී..කිමද මේ උනේ හේයොන්ග්ට..

අනේ මං දන්නේ නෑ හේයොන්ග්ගේ ඇඟ හොදටම රස්ණෙයි..

පාලිකා කිම්ට දැනුම්දෙමු.
වහාම වෙදැදුරු කැවදාගෙන එමු..

ක්ව්‍යන්‍යොග් වහා දිව ගියේ වෙදැදුරු කැඳවාගෙන ඒමටයි..

මීරා ගිනි කබලක් මෙන් රත් වූ සිරුර ජලයෙන් තෙතමාත්තු කරන අතරේ
වෙදැදුරු කැඳවාගෙන ආවා.
ඔහ්ගේ නියෝගයෙන් සියලු දෙනාටම කුටියෙන් පිටතට යාමට සිදු උනා..

අනේ මීරා.මට බයයි ඇයට වසු..

කට වසාගන්න වූහී..මුකුත් වෙන්නේ නෑ ඇයට..

එක්වරම හෙදියන් කීප දෙනෙක් කුටියට කඩා වැදී පැලැන්කියක තබාගෙන හේයොන්ග්ව රැගෙන යන්නට සූදානම් උනා..

පාලිකාවනි.කුමක්ද සිදූ වුනේ..

සියලුම දෙනා තමන් අතැති භාණ්ඩ සමගම පිටවන්නට සූදානම් වන්න ඉවුරෙන් එහා වූ නේවාසිකාගාරයට..

පාලිකාවනි..

හේයොන්ග්ට වසූරිය..

මොනවා...

ක්ව්‍යන්‍යොග් වගේම සෝහීත් දෑතින්ම මුව වසාගත්තේ ඇසූ දේ සිතාගත නොහැකිව...

බිය නොවන්න..ඇයගේ රෝග ලක්ශණ තවම මුල් අදියරේ පමණක් නිසා බිය වන්න එපා..
සියලුදෙනාම තම කුටි වලින් ඉවත් වන්න...
කුටි විශබීජහරණයට සේවිකාවන් කැඳවාගෙන ඒමට නූහන් දැන්ම යන්න..
සියලුමදෙනා නේවාසිකාගාර වලට ගිය පසු වෛද්‍ය පරීක්ශණ සදහා යොමු කරවාවී..
ඉන් පසුයි නුඹලාට නැවත රාජකාරි වලට යා හැක්කේ..

එසේයි පාලිකාවනි..

Haeyong's POV🌿

හෙයොන්ග්...

සිහිනයකින් වගේ මට ඇසුණේ හෝසොක්ගෙ කටහඩ..

හෙයොන්ග්...

හෝසොක්..ඒ..නුඹ...ද..

මා ඇසුවේ ගැටගහා ගත හැකි වූ වචන හතරපහ හසුරුවමින්..

𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼 Where stories live. Discover now