Introduction - Experiance in lucid dreaming🌤️

74 22 0
                                    

Fb එකෙන් මම හොයාගත්ත පොස්ට් එකක් පහලින් දාන්නම්..
ඒ අත්දැකීමක් තිබ්බ කෙනෙක් lucid dream වලින්..
කියවලම බලන්න.

🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️

Lucid dreaming කියන එක හැමෝටම කරන්න පුලුවන්.
මන් අවුරුදු 2 ක විතර ඉදන් Lucid Dream කරනවා.Lucid Dream කරන්න ගොඩක් technique තියනවා.තමන්ට ලේසි එකක් අරන් try කරන්න.මන් නන් පටන් ගත්තේ W.I.L.D technique.ඒකෙදි අපි නිදාගෙන පැය 6 කට පස්සේ වගේ නැගිට්න්න ඕනේ.ඊට පස්සේ කරන්න තියෙන්නේ අපිව sleep paralysis එකට යනකන්ම පොඩ්ඩක්වත් හෙල්ලෙන් නැතුව ඉන්න.සමහර කට්ටියට මේ sleep paralysis එක අත්විදින් නෑ.

ඒත් ගොඩක් 80% වගේ අය sleep paralysis එකට යනවා.මේකෙදි අපිට අපේ ඇගේ කිසිම දෙයක් හොලවන්න බෑ.පපුවට ගලක් තියලා වගේ දැනෙයි.
මේ වෙලාවෙදි සන්සුන්ව හිටියම ඇති.
ඊට පස්සේ ටික වෙලාවකින් අපිට පුලුවන් අපේ dream scene එකට යන්න.ඔයා හිතන්න ඕනේ ඔයා කැමතිම තැනක් ඉස්සරහ ඔයා හිටන් ඉන්න විදිහ.

ටික වෙලාවක් ගියාට පස්සේ ඒ dream scene එක හැදෙනවා.ඒත් මේ විදිහට හැමෝටම කරන්න බෑ මොකද කිව්වොත් ගොඩක් අය සිහිනේ ඇතුලේ ඉන්නේ පාලනයක් නැතුව.සිහිනේ පාලනේ ගන්න නන්.අපි අපේ ඇත්‍ත ජීවිතේ පොඩි පොඩි දේවල් ටිකක් කරන්න ඕනේ.

reality checks,dream journal එකක් තියාගන්නවා වගේ දේවල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

reality checks,dream journal එකක් තියාගන්නවා වගේ දේවල්.දවසක්ට අඩුම reality check 15 වත් කරන්න.කැමති reality check එකක් පාවිච්චි කරන්න.
ඔයාට පුලුවන් ඔයාගේ අත් දෙක දිහා බලලා ඇගිලි ගනන් කරන්න නැත්තන් තමන්ගෙන්ම අහගන්න මන් මේ ඉන්නේ හීනෙක්ද කියලා.ඔහොම දවසට 15 -20 ඕවා කරන්න.ඊට පස්සේ ඔය දේ පුරුද්දක් වෙනවා.යටි හිතට උගන්නන තියන එකම විදිහත් ඒකම තමා මොනා හරි නැවත් කීරීමෙන් තමා යටි සිත ඉගෙන ගන්නේ.

𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼 Where stories live. Discover now