Haeyong's POV🌿
එදින රාජකාරී සියල්ල අවසන් කල පසු
මා කල් වේලා ඇතිව කුටියට පැමිණියා.
දෝවගර් රැජිණ රාත්‍රි භෝජන සංග්‍රය සදහා රජතුමාගේ ආරාධනයෙන් මාලිගාවට ගිය අතර ඇය මා හට විවේක ගන්නට අවසර දුන්නේ උදෑසන සිටම විවේක නොගෙන මා රාජකාරී කල නිසයි..ක්වන්‍යොන්ග් හා සෝහී රැජිණිය සමග මාලිගාවට ගියා.මීරා හා වූහී භෝජන සකසන්නට උදව් කල පසු මුලින්ම මා කුටියට පැමිණියා.
තනිවම සිටින්නට මා තුළ තිබූ කැමැත්ත යලි යලිත් ජෝසනයේ ජීවිතයේදී වූවත් මතු වන්නට ගත් බව කිව යුතුයි..මා නිදාගන්නට පොරෝනය අතට ගන්නවාත් සමගම එලියෙන් අඩි ශබ්දයක් ඇසුණා..
කවුරුන්ද මේ මහ රෑ..සෝහී කලින්ම පැමිණිලාද..
මා දොරටුව විවර කලත් සිටියේ සෝහී නොවෙයි..
ඔහු ආරක්ෂකයෙක් විය යුතුයි..
කවුරුන්ද නුඹ..කිසිත් නොපවසා කඩුවත් අතින් ගෙන සිටි ඔහුගේ මුහුණ හිස් පලදනාව නිසා වැසී තිබුනා..
මා මදක් ලං වුනේ ඔහුගේ මූණ දැක බලා ගන්නටයි..
හැකිද නුඹ කවුරුන්දැයි පවසන්න..
මා යලිත් ඇසුවා...
කිසිදු ප්‍රතිචාරයක් නොවූයෙන් ඔහුගේ අත ස්පර්ශ කරන්නට
යත්ම ඔහුගේ අතක වූ කඩුවෙන් ගලා යනු මා දුටුවේ රුධිරයයි..හහ්..
මා මුව අත් දෙකෙන්ම වසාගෙන පසු පසට පැන්නේ නොනවත්වා ගලන රුධිරයෙන් ඔහුගේ දෙපා මුල රත් පැහැ ගැන්වී ඇති බව දැකීමෙන් පසුවයි..
නුඹ..නුඹට කුමක්ද මේ..
රු...රුධිරය..
නුඹ..හොදින්ද..නුඹේ අතින් රුධිරය ගලා යනවා..
YOU ARE READING
𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼
Fantasy🖇️රකුසෙක්ද කුමාරයෙක්ද එහෙමත් නැත්නම් දිව්‍ය විමානයකින් බට දෙවියෙක්ද නුඹ ? 📍දෙවියෙක් නොවෙයි, කුමාරයෙකුත් නොවෙයි, රාක්ෂයෙකුත් නොවෙයි නුඹ වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට ඉපදුන ඉන්ද්‍රජාලිකයෙක්... 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 🖇️සිහිනයේත් යථාර්තයේත් මා පස...