🥀4🥀

137 23 9
                                    

Author's pov






















මූණ වැහෙන්න කැප් එකකුත් දාගෙන ජන්ග්කුක් හොස්පිට්ල් එක ඇතුළට රිංගුවේ අබ දැම්මොත් පුපුරන සයිස් තරහකින්. Tabloid එක දාපු R Corner website එක රිකීගෙ වෙබ්සයිට් එක කියලා ජන්ග්කුක් තරම් වෙන කවුරුවත් දන්නෙ නෑ.

රිකීගේ කැබින් එක ළඟ හිටගත්ත ජන්ග්කුක් බොහොම ඉවසීමෙන් කැබින් එකේ දොරට තට්ටු කරා. ඕඩර් කරපු කෑම ඇවිත් ඇති කියලා හිතපු රිකී ඉක්මනට ගිහින් දොර ඇරියෙ කිසිම දෙයක් නොදැන.

"ඕඩර් කර-"

රිකීට වචනයක්වත් කතා කරගන්න නොදී එකපාරටම කඩාගෙන ජන්ග්කුක් ඇතුළට ආවේ එන ගමන් රිකීව බිත්තියට හිර කරගන්න ගමන්. මුලින්ම ජන්ග්කුක්ව අඳුර ගන්න බැරි වුණ රිකී දඟලන්න ගත්තත් අඳුර ගත්තට පස්සෙ රිකී කරේ හයියෙන් හිනා වුණ එක.

"මගේ tabloid එක දැක්කද🤣? මන් බොහොම අමාරුවෙන් ඕක හිතුවේ. හිතලා හිතලා ආව හොඳම එක දැම්මා 😁."

ජන්ග්කුක් තව ටිකක් රිකීගෙ මූණට ලං වුණා. ඒත් රිකී නෙවෙයි බින්දුවක්වත් බය වුණේ. රිකී තාම හිනා වෙනවා. ඒත් මේක බලාගෙන කාමරේ කොනේ හිටපු යුන්සොං නම් හිටියේ පණ බයේ.

"තමුසෙ...........තමුසෙ මාර ගෑනියෙක්නෙ ලී රේක්‍යොන්ග්😡. තමුසෙ මට විතරක් නෙවේ.... මගේ මුළු කම්පැනි එකටමයි මේ අපහාස කරේ 😡."

"මන් තමුසෙට විතරයි අපහාස කරේ. තමුසෙ Chairman නෙවෙයිනෙ CEOනෙ. ඒනිසා අන්කල්ටවත් කම්පැනි එකටවත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මන් තමුසෙ වගේ හිතන්නෙ බලන්නෙ නැතුව වැඩ කරන්නෙ නෑ ජොන්."

ටික වෙලාවක් රිකීගෙ මූණ දිහා බලන් හිටිය ජන්ග්කුක් එයා ළඟින් ඈත් වුණා.

"අර tabloid එක අයින් කරනවා. දැන්ම."

"ඇයි එහෙම කරේ නැත්නම් ඔයා මොනවා කරන්නද😏? මට ගහනවද? නැත්තම් ආයෙත් යුන්සොංව කිඩ්නැප් කරනවද?"

කොහොමත් එයා දින්නා කියලා දන්න රිකී අත් දෙකත් බැඳගෙන ජන්ග්කුක්ගෙන් ඇහුවේ ජන්ග්කුක්ව තවත් අවුස්සන්න. ජන්ග්කුක් කොච්චර straightද කියනවනම් gay වචනෙ ඔහුවත් ජන්ග්කුක්ට කේන්ති යනවා කියලා රිකී හොඳටම දන්නවා. ලොකු හුස්මක් අරන් පහළට දාලා ජන්ග්කුක් කතා කරේ බොහොම ඉවසීමෙන්.

🥀It's not over🥀 JJKWhere stories live. Discover now