🥀27🥀

73 18 3
                                    

Author's pov




















"My lord.............මෙහි සිටින චූදිතයා වන ජොන් ජන්ග්කුක්.........පසුගිය විසි හතර වනදා තම ආයතනයේ රථ ගාලේ දෙදෙනෙකු මරා දමා තිබෙනවා. ඒ සම්බන්ධව -"

"Objection my lord!"

යුන්ගි නැගිට්ටේ හැමෝගෙම අවධානය එයා දිහාට ගන්න ගමන්.

"ඔව් මින් බ්‍යොන්හෝසා........"

"ජොන් ජන්ග්කුක් මිනීමරුමක් කළ බවට ඔප්පු කරන්න ඔයාට තියෙන සාක්ෂි මොනවද prosecutor?"

"හොඳම සාක්ෂිය අපිට හම්බුන CCTV දර්ශනයි........"

"My lord.................මම කැමති නැවත වතාවක් ඒ CCTV දර්ශන බලන්න........"

යුන්ගිගේ ඉල්ලීම මත ලොකු තිරයක එදා සිද්ධියේ CCTV footage එක දැම්මා...........ඒකේ පැහැදිලිවම තියෙනවා ජන්ග්කුක් අර මිනිස්සු දෙන්නට නැගිටින්න බැරිවෙන්න ගහනවා. ඒත් එක වෙලාවකදී ජන්ග්කුක් CCTV දර්ශන පථයෙන් ඉවත් වෙලා යන්නේ අර මිනිස්සු දෙන්නා නැගිටින්න උත්සාහ ගනිද්දි............... ඒත් එක්කම ඒ දෙන්නට වෙඩි වැදුනා..............

"Pause!"

යුන්ගිගේ විධානයත් එක්ක වීඩියෝ එක නැවැත්තුවා............

"ජොන් ජන්ග්කුක් ගියාට පස්සේ බුලට්ස් වදින කොටස විතරක් slow motion දාන්න.....පුළුවන් තරම් slow කරන්න."

"මින් බ්‍යොන්හෝසා ඔයා මේ කරන වැඩේ තේරුමක්-"

"CCTV footage එක මට නිශ්ශබ්දව බලන්න දෙනවද prosecutor?"

පල නොකියා පලා බෙදපු යුන්ගි ආයෙත් හැරුණේ තිරය දිහාට. Prosecutorගේ ඇඹරිලා ගිය මූණ දැකලා නම්ජුන්ලා සෙට් එකට හිනා යන්නත් ගියා.

"මෙතන හොඳට බලන්න my lord........... ජොන් ජන්ග්කුක් පහර දීමෙන් පස්සේ දර්ශන පථයෙන් අයින් වෙලා යන්නේ දකුණු පැත්තට.......... ඒත් මේ බුලට්ස් එන්නේ.....හොඳට බලන්න.......ඒවා එන්නේ ඊට විරුද්ධ දිශාවෙන්............... දකුණු පැත්තට ගිය ජොන් ජන්ග්කුක් කොහොමද ඊට විරුද්ධ දිශාවේ ඉඳන් වෙඩි තියන්නේ?? එයාට ඒ දිශාවට ඉක්මනට මාරු වෙන්න තරම් වෙලාවක් තිබුනේ නෑ මොකද එයා එතනින් ගිහින් තත්පරයකට පස්සෙම වෙඩි වැදීම සිද්ද වුණා....................."

🥀It's not over🥀 JJKTempat cerita menjadi hidup. Temukan sekarang