🥀24🥀

77 18 9
                                    

Author's pov






























ඔලුවට ශෝල් එකක් දාගෙන සන්ග්ලාසස් දෙකකුත් දාගෙන ගෑනු කෙනෙක් උසාවිය ඇතුළට ගියේ කාගෙවත් අවදානයක් එයාගේ දිහාට යොමු නොවෙන අතරතුරෙයි................ඒ හිටියේ රිකී........... හැගීම් විරහිත මූණකින් ඉස්සරහ විතරක් බලාගෙන ගිය රිකී එක දොරක් ළඟ නැවතුණේ හීනෙන් ඇවිදිනවා වගේ.......... වේලිච්ච උගුරෙන් කෙල ගිලින ගමන් රිකී ඒ දොර ඇරගෙන ඇතුළට ගියේ කාගෙවත් අවදානයක් නොගෙනයි............ කාටවත් එයා ගැන ගාණක් නෑ......හැමෝම බලාගෙන හිටියේ කාමරේ ඉදිරියේ ඉන්න judge දිහයි, පහළින් ඉන්න සැකකරුයි එයාගේ නීතීඥයා දිහයි.............. ඒත් එක්කම නීතීඥයයි එයාගේ සේවාදායකයටයි විරුද්ධ පැත්තෙන් හිටිය prosecutor නැගිට්ටේ හැමෝගෙම අවදානය එයාගේ දිහාවට ගන්න ගමනුයි..............

"මීට දින දෙකකට කලින් Jeon groups ආයතනයේ රථ ගාල තුළ හවස 2ට පමණ මිනීමැරුමක් සිදුවෙලා තිබෙනවා. එහිදී වයස අවුරුදු තිහක සහ තිස් දෙකක තරුණයන් දෙදෙනෙකු මියගොස් තියෙනවා. ඒ අවස්ථාවේ CCTV දර්ශන මඟින් අපිට හෙළි වුණා......එම මිනීමරුම සිදුවීමට පෙර ජොන් ජන්ග්කුක් ශී ඒ මිනිස්සු දෙන්නාට පහර දුන් බව........ ඉතින් මගේ අදහස නම් මේ මිනීමරුමට ජොන් ජන්ග්කුක් මහතාගේ සෘජු සම්බන්ධතාවයක් තියෙන බවයි......"

Judgeට bow කරපු prosecutor ඉඳගත්තා. රිකීගේ ඇස් යොමු වුණේ prosecutorට විරුද්ධ පසින් ඉඳගෙන ඉන්න ජන්ග්කුක් දිහාට........... ජන්ග්කුක් තනිකරම වෙනස් වෙලා.............. කම්මුල යටට බැහැලා ඇස් වටේ කළු වෙලා...........යාන්තමට රැවුල වැවිච්ච ජන්ග්කුක්ගේ හණුවල තිබුණේ තුවාල පාරවලා...................ඔහේ බිම බලාගෙන හිටිය ජන්ග්කුක් දිහා බලන ඕනම කෙනෙක්ට පෙනුණේ සාර්ථක මනුස්සයෙක් වුණ CEO Jeon Jungkook නෙවෙයි............ තමන්ගේ හැමදේම එක රැයකින් නැති කරගත්ත පරාජිතයෙක් වගේ................. මෙච්චර වෙලාවක් දාගෙන හිටිය සන්ග්ලාසස් දෙක ගලවපු රිකීගේ මූණේ කිසි හැඟීමක් නැති වුණත් එයාගේ ඇස්වල දිලිසෙන කඳුළු ඇති රිකීගේ හිත කියවන්න.......

"විත්තිකාර පාර්ශවයේ අදහස් දක්වන්න පුළුවන්....."

"My lord........... මගේ සේවාදායකයා වන ජොන් ජන්ග්කුක් මහතා කිසිම හේතුවක් නැතුව රණ්ඩුවලට පැටලෙන අයෙකු නෙවෙයි. හැමෝටම ඉවසීමේ සීමාවක් තියෙනවා. තමන්ට හා තමාගේ පවුලේ අයට කළ අපහාස ඉවසීමට නොහැකිවයි ජොන් ජන්ග්කුක් ශී මේ රණ්ඩුවට පැටලුනේ. තමන්ගේ පවුලේ අයට අපහාස වන ආකාරයට කතා කළොත් එය ඉවසන්න පුලුවන් කෙනෙක් මිනිස්සු සීයකටම ඉන්නේ එක්කෙනයි......... ඒනිසා කරුණාකර ඒ කාරණය ගැන සලකා බලන්න.... my lord........"

🥀It's not over🥀 JJKOnde histórias criam vida. Descubra agora